ගිනිකන්දක් පුපුරායාමෙන් ඉන්දුනීසියාවේ සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇති ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශවාසීන් සිය ගණනක් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වර්තා වේ.

ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ සිට පුපුරා යමින් තිබෙන අතර, මෙම ගිනිකන්ද මුහුදට කඩා වැටී සුනාමි රල ඇති විය හැකි බවට ඇතිවී තිබෙන අවදානම හේතුවෙන් අදාළ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

සුලවේසි දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගිනිකන්දේ පසුගිය පැය 24 තුළ අවම වශයෙන් විශාල පිපිරීම් පහක් සිදුවූ බව ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ කම්පන ආපදා මධ්‍යස්ථානය පවසන අතර, බලධාරීන් ගිනිකඳු අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ගෙන ගොස් ඇතැයි ද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...