විදේශ කටයුතු ඇමති පරිත්‍යාගශීලී ජාතීන් සමඟ සාකච්ඡාවක

Date:

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා පරිත්‍යාගශීලී ජාතීන් සමඟ සාකච්ඡා පවත්වයි

2022 අප්‍රේල් 12 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා, මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි මැතිතුමා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යනාදීහු ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පරිත්‍යාගශීලී ජාතීන් දැනුම්වත් කළහ.

මෙහිදී, මේ වන විට ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග සහ  එළඹෙන සතියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ මූලික කටයුතු පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරන ලදී.

අතරමැදි කාලසීමාව තුළ මූල්‍ය කටයුතුවලට සහය වන ලෙස අමාත්‍යවරු මෙහිදී පරිත්‍යාගශීලී ජාතීන් වෙත ඇරයුම් කළහ.

මෙහිදී ඔවුහු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අතර, පුළුල් සාකච්ඡාවලට ද සහභාගී වූහ.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී විය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ
2022 අප්‍රේල් 17 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...

දුබල නැති බව කී දුලබ උදුම්බරා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: උදුම්බරා පිපෙන්නේ තුසිතයේ බව...

වියට්නාම්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය හමුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ලංකා වාණිජ මණ්ඩලය...

මියන්මාර හමුදාවේ රෝහල් ඉලක්ක කර හෙලූ බෝම්බ ප්‍රහාරය බොහෝ පිරිස් හෙලා දකී!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාර හමුදාව පවසන්නේ...