අත්සන් නොකර ගමට එන්න එපා : මේ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන ඉරණම තීන්දු වන මොහොතක් !

Date:

රාජ්‍ය පාලනය සඳහා පුද්ගලයෙක් සහ/හෝ එම පුද්ගලයා නියෝජනය කරන දේශපාලන පක්ෂයට වරමක් ලැබෙන්නේ මහජන ඡන්දයකින්. ඒකට අපි කියන්නේ ජන වරමක් කියලා. කෙනෙක් ජනවරමකින් පාර්ලිමේන්තු යන්නේ ජනතාව ගේ අදහස් නියෝජනය කරන්න. ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. ගෝල් ෆේස් පිටිය පිරෙන්න සෙනඟ පිරිලා ‘ගෝ හෝම්’ කියලා කෑ ගැහුවට කෙනෙකුට කියන්න පුළුවන් ‘ඇයි යන්නේ ගෝල් ෆේස් පිට්ටනියේ උපරිම ලක්ෂයක් දාන්න පුළුවන් වෙයි. අපිට 69 ලක්ෂයක් ඉන්නවා කියලා’.

එදා එහෙම හිටියට අද ජනතාව එක හඬින් කියන්නේ ‘තමුසෙලා රට බංකොලොත් කලා. දැන් දීලා යනවලා’ කියල. ඒක එහෙම නම් ආණ්ඩුවට සමාජයත් එක්ක තියෙන සමාජ ගිවිසුම (Social Contract) ඉවරයි.

ඒක එහෙමද කියලා බලන්නේ කොහොමද?

එක්කෝ ඡන්දෙකට යන්න ඕන. නැත්නම් පාර්ලිමේන්තුවේ බහුතර චන්දෙකින් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැහැ කියලා පෙන්නන්න ඕනේ. ඡන්දෙකට යන එක ප්‍රායෝගික නැහැ . රටම බංකොලොත් වෙලා තියෙද්දී. එහෙනම් වැඩේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ.

හෙට පාර්ලිමේන්තු සැසිය පටන් ගන්නවා. ආණ්ඩුව කෙරෙහි ඇති විශ්වාසය කඩ වෙලා කියලා තහවුරු කරන්න විශ්වාස භංගයකට අත්සන් ගැනෙමින් තිබුණා. මේක පාර්ලිමේන්තුව තූල වැඩි ඡන්දෙන් ජයග්‍රහනය කලොත් ආණ්ඩුවට බලය අහිමි වෙනවා. පරාජය වුනොත්, විරුද්ධව ඡන්දය දුන් අයට අත්වන ඉරණම ගැන තමයි මේ ස්ලෝගන් එකෙන් කියන්නේ.

පාර්ලිමේන්තු නියෝජිතයින් ට අත්සන් නොකර ගමට එන්න එපා කියලා.!

ඒක එහෙම නම්, මේ මන්ත්‍රී වරුන් ගේ දේශපාලන ඉරණම තීන්දු වන මොහොතක් මේ. විරෝධය පැහැපත් එකක් වගේම ඒක දේශපාලනිකයි.

  • අසෝක හඳගම

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...