*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

”විදේශ ගත වීමේ අවශ්‍යතාවක් නැහැ” – හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් අද (18) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත තමන්ට එරෙහි පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා හරහා විරෝධතාව ගොණු කර තිබුණි.

එමඟින් ඔහු දක්වා ඇත්තේ කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල පදනම් විරහිත සහ ද්වේෂ සහගත බවයි.

එමෙන්ම තමන්ට මේ මොහොතේ විදෙස් ගත වීමේ අවශ්‍යතාවක් නැති අතර විදේශ ගතවීමක අවශ්‍යතාවක් මතුවුවහොත් එම අදියරේදී ඒසඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන බවද හිටපු මහ බැංකු අධිපතිවරයා පවසයි.

හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරන ලද ප්‍රකාශය – 2022 අප්‍රේල් 18

”කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා විසින් අංක 68647/4 දරන නඩුවට අදාලව මා හට නිකුත් කරන ලද සිතාසිය අනුව 2022 අප්‍රේල් 18 වැනි දින මගේ නීතිඥවරයා හරහා අධිකරණයට පිළිතුරු ගොණු කිරීමට මා හට නියෝග කරන ලදී. එම සිතාසිය සිවිල් නඩු විධි විධාන සංග්‍රහය ප්‍රකාරව මා වෙත නිකුත් කරන ලද අතර, ඒ අනුව නීතීඥවරයෙකු මා වෙනුවෙන් පෙනී නොසිටින්නේ නම්,අනාගතයේ දී සිදු කරනු ලබන නීතිමය දැනුම්දීම් සිදු කළ යුතු ලිපිනයක් සඳහන් කරමින් එය අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද මා හට දන්වා තිබුණි.

මා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ ජීවන්ත ජයතිලක මහතා විසින් මා හට ලැබී ඇති සිතාසිවල ස්වභාවය පැහැදිලි කරන ලද අතර, සිතාසිය අනුව මා පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටින ලදී.

එමෙන්ම, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 144 වගන්තිය ප්‍රකාරව, ගරු මහේස්ත්‍රාත්වරයාට සිය අභිමතය පරිදි අධිකරණයට කැඳවන ලද පාර්ශ්වයක් හට පෞද්ගලිකව පෙනී සිටීමෙන් වැළකී සිටීමට බලය ඇති බව මගේ නීතිඥයන් විසින් මට උපදෙස් දී ඇත.

තවද, මෙම අවස්ථාවෙහිදී මට විදේශගත වීමට අදහසක් නොමැති බව මගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටින ලදී. එබැවින්, සංචාරක තහනම ඉවත් කිරීම සඳහා කිසිදු අයදුම්පතක් ඉදිරිපත් කිරීමට මා හට අවශ්‍යතාවක් නොතිබිණි. එසේ වුවද, මට විදේශගත වීමට අවශ්‍යතාවයක් පැන නගින්නේ නම්, අදාළ අදියරේදී විදේශ සංචාරක තහනමට අදාළ අයදුම්පතක් ඉදිරිපත් කිරීමට මගේ නීතීඥයින්ට අයිතිය ඇති බවද අධිකරණයට දැනුම් දෙන ලදී. ඒ අනුව, ගරු මහේස්ත්‍රාත්තුමා මෙම නඩුව 2022 මැයි 02 දිනට නැවත කැඳවීමට තීරණය කොට ඇත.

තවද එකී පැමිණිල්ලේ මට විරුද්ධව එල්ල වී ඇති චෝදනා පදනම් විරහිත සහ/හෝ ද්වේෂසහගත ඒවා බවත්, වැදගත් කරුණු යටපත් කර අධිකරණයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් බවත්, එම සියල්ල ප්‍රතික්ෂේප කොට නිවැරදි දේ ඉදිරිපත් කිරීමට නීත්‍යානුකූලව සියලු පියවර මා ගන්නා බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan