සචිත් ධම්මිකගේ විරෝධය පෙරට ගෙන යයි

Date:

ශ්‍රී ලංකාවේ හිටපු හෙල්ල වීසි කිරීමේ ජාතික වාර්තාලාභියෙකු මෙන්ම ආසියාතික මට්⁣ටමේ ජයග්‍රහණ රටට හිමි කර දුන් ක්‍රීඩකයෙකු වන සචිත් මධුරංග අද උදෑසන පැය 24 ක සත්‍යග්‍රහයකට එක් වුණා.ඒ ගෝඨාගෝගම අරගල භූමියේදියි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් රාජ්‍ය පාලකයන් ඉවත් කිරීම සඳහා සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කර ගැනීම සඳහා පැවත්වූ සත්‍යග්‍රහයේම කොටසක් හැටියට සචිත් සිය සත්‍යග්‍රහය හඳුන්වා දෙනවා.

අසාධාරණයට එරෙහිව ප්‍රතිචාර දක්වමින් ඉතාම අඩු වයසින් සිය ඉසව්වෙන් සහ ක්‍රීඩාවෙන් සමුගත් සචිත්, සිය විරෝධය දක්වන රාජ්‍ය නායකයා වන ගෝඨාභය රාජපක්ෂ අධ්‍යාපනය ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේම ඉගෙනුම ලැබූ අයෙක් වෙනවා

සචිත්ගේ විරෝධය අප්‍රේල් 18 දා පෙරවරුවේ 8.00 සිට 19 දා පෙරවරු 8.00 දක්වා පැවත්වෙනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...