ජවිපෙන් කෝටිපතියන් බිහිවෙන එක ගැන සන්තෝසයි. අපිටත් ඕනෙ පොහොසත් රටක් – ඇමති සමන්ත

ජනතා විමුක්ති පෙරමුණෙන් කෝටිපතියන් බිහිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“විපක්ෂය විවිධ චෝදනා නගනවා. නමුත් අපි දන්නවා රටේ ජනතාව මේ සත්යය තේරුම් අරන් තියෙනවා. ලෝකෙ යුද්ධයක් පවතින මොහොතක, දිට්වා වගේ ආපදාවක් ආපු රටක, ජනතාවට තේරෙන දේවල් විපක්ෂයට නොතේරෙනවා නෙවෙයි. විපක්ෂයට තියෙන්නෙ වෙනත් ප්‍රශ්න ටිකක්. ඒ ගැන ඉතින් අපි මේ වගේ සුබ මොහොතක කතා කරන එකෙන් ඵලක් නැහැ කියලායි මම හිතන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමන්ලාගෙ පක්ෂයෙන් දැන් කෝටිපතියො එහෙම බිහිවෙනවා නේද ?

“කෝටිපතියො බිහිවෙනවා නම් කොච්චර සන්තෝසද …? අපිටත් අවශ්‍ය පොහොසත් රටක්”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) බදුල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...