පාස්කු විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාව තනතුරෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

සටහන – රුවන් නෙළුගොල්ල

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සාධාරණව සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාව එම තනතුරෙන් තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින බව සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා පියතුමා පවසයි.

“ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනී යන නිසා විමර්ශන සාධාරණව සිදුකිරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමරුදු සිදුවීම් වන අවස්ථාවේ නැගෙනහිර පළාත් ආඥාපතිව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විමර්ශන අවසන් වනතෙක් අදාළ තනතුරෙන් ඉවත් කරන්නට කියලා අපි ඉල්ලා සිටිනවා. ඔහුට පුද්ගලිකව අපේ තරහක් නෑ, නමුත් ඔහු එම ධුරයේ සිටීම සාක්ෂි කැඳවීමට ඉතාම අසීරු කරුණක් බවට පත්වීමට ඉඩතියෙන බව අපිට හැඟෙනවා”

රොහාන් ද සිල්වා පියතුමා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවති “මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා” මැයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහන අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...