*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

පිතිකරුවන්ගේ ටෙස්ට් ශතක හතරට ප්‍රභාත්ගෙන් කඩුලු පහක්!

කෝඩුකාර අයර්ලන්තයට ශ්‍රී ලංකාව සමඟ සහභාගි වන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන විටම දැඩි අසීරු තත්ත්වයක් උදා වි ඇත.කඩුලු හයට ලකුණු 591 ක් වූ දැවන්ත ශ්‍රී ලංකා ඉණිමට ළං වෙන්නටවත් නොදෙමින් ප්‍රභාත් ජයසූරිය මේ වන විටත් ලකුණු 42 ට කඩුලු 5 ක් දවා ගෙන ඇත.අයර්ලන්තය තෙවන දිනය අරඹන්නේ පළමු ඉණිමට කඩුලු 7 ක් දැවී ලකුණු 117 ක් ලබා සිටියදී ය.
ප්‍රභාත් ජයසූරිය මේ සහභාගි වන්නේ තමන්ගේ හයවන ටෙස්ට් තරගයටය.මේ ඔහු පන්දු යවමින් සිටින්නේ සිය 11 වන ඉණිමේදී ය.එහිදී ඔහු වාර්තා කරන කඩුලු 5 කඩුලු පහක් දවා ගත් පස්වන අවස්ථාව හැටියට වාර්තා වන්නේය.
ප්‍රභාත්ගේ පන්දු යැවීම ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 591 ක් දක්වා රැඟෙන ගිය ඉණිමට ශතක එකතු වූ ශතක හතරේ දායකත්වය යම් තරමකට කුඩා වෙමින් ඇත.දිමුත් කරුණාරත්න (179),කුසල් මෙණ්ඩිස් (140),දිනේෂ් චන්දිමාල් (නොදැවී 102) සහ සධීර සමරවික්‍රම (නොදැවී 104) එම ශතකලාභියෝ ය.සධීර වසර හතකට පසුව කඩුල්ල පිටුපස කඩුලු රකීමේ වගකීම පැවරුණු ලාංකිකයෙක් ලැබූ ශතකය වාර්තා කිරීමට සමත් විය.ඊට පෙර එවැන් දස්කමක් අවසාන වරට වාර්තා කර තිබුණේ කුසල් ජනිත් පෙරේරා ය.ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.
සධීර පන්දුවට පහර දීමට පැමිණියේ අංක අටේ පිතිකරු හැටියටය.එම ස්ථානයේ පන්දුවට පහර දෙමික් වැඩිම ලකුණු ගණනක් සහිත ඉණිම වාර්තා කරන්නට ද සධීර භාග්‍යය උදා කර ගත්තේය.ඊට පෙර තිලාන් සමරවීර සහ කිත්රුවන් විතානගේ ද එම ස්ථානයේ පන්දුවට පහර දෙන්නට පැමිණ ශතක ලබා ගෙන ඇතත් ඒ ශතකවල වටිනාකම සඳහන් වන්නේ පිළිවෙලින් 103 සහ 101 ලෙස ය.
අප තරගයේ පළමු දිනයේ සටහන තබද්දීම එම දිනය හමාර වන විට පිටියේ රැදී සිටි දිනේෂ් චන්දිමාල්ගෙන් එකතු විය යුතු පෝෂණිය ඉණිමක අවශ්‍යයතාවය සඳහන් කළේය.පෙර දිනයේ ගොම්මන් පිතිකරු ලෙස පැමිණ හොඳ වගකීමක් ඉටු කළ ප්‍රභාත් ජයසූරියගේ නික්ම යෑමෙන් ඉනික්බිතිව ධනංජය ද සිල්වාට ද චන්දිමාල් වෙත හොඳ සහයෝගයක් ලබා දෙන්නට කාලයක් ඉතුරු නොවිණ.ඒ නිසා ලකුණු 408 ට කඩුලු හයක් වූ ශ්‍රී ලංකා ඉණිම යම් සසැලීමකට ලක් වුවත්,සධීර සමරවික්‍රම තමන්ට කලෙකට පසුව ලැබුණ අවස්ථාව හොඳ සිහියෙන් ප්‍රයෝජනයට ගත්තේය.ඒ නිසා හත්වන කඩුල්ලට නොබිඳි ලකුණු 183 ක් එකතු වූ අතර චන්දිමාල් සහ සධීර ඉදිරියේ ලකුණු හැටියට ඉලක්කම් තුනේ අගයන් ද එකතු විය.
කිසිඳු අයර්ලන්ත පිතිකරුවෙක් විශ්වාසයෙන් පහර දෙන බවක් නොපෙන්වීය.යම් තැති ගැන්මකින් පහර එල්ල කරන බවක් දිස් විය.නොහැකිකමට වඩා තමන් තුළ වන විශ්වාසයේ අඩුවකින් ක්‍රියා කරන අයර්ලන්ත කණ්ඩායමේ පිතිකරුවන් අපූරුවට අධ්‍යයනය කරමින් ප්‍රභාත් ජයසූරිය පන්දු යවමින් සිටින්නේය.විශේෂයෙන් මේ වන විට අයර්ලන්ත ඉණිමේ වැඩිම ලකුණුලාභියා වන ජේම්ස් මැක්කොලම් (35) දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය කෙළින්ම කඩුල්ලේ දැවටෙන සේ යොමු කළ පන්දුව ජයසූරියගේ දුර්වලකම් කිරා මැන බැලීමේ අපූරු මිණුම් උපකරණය කදිමට ප්‍රදර්ශනය වූ අවස්ථාවක් විය.
අද උදෑසන ද දිමුත් කරුණාරත්න නව පන්දුව කෙරෙහි උනන්දු නොවනු ඇත.ප්‍රභාත් ජයසූරිය ආරම්භයේදීම කැඳවනු ඇත.ඒ අනුව ඊයේ දිනයේ විශ්වසනීය ඉලක්කයම සහිතව ප්‍රභාත් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් අයර්ලන්තයට පීඩනය එකතු කළහොත් අයර්ලන්තයට දිවා භෝජනයට පෙර දෙවන ඉණිම සඳහා පන්දුවට පහර දීමට පැමිණෙන්නට සිඳුවනු ඇත.නමුත් බංගලාදේශයට එරෙහිව අපූරු ප්‍රහාරාත්මක ශතකයක් ලබා ගත් අයර්ලන්ත කඩුලු රකින්නා වන ලෝර්කන් ටකර් විශ්වාස කළ නොහැකිය.
තරගයේ ලකුණු සටහනට පහත සබැඳියෙන් පිවිසෙන්නට හැකිය.
https://www.espncricinfo.com/series/ireland-in-sri-lanka-2023-1363445/sri-lanka-vs-ireland-1st-test-1363447/full-scorecard

සටහන – නිශ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan