තවත් රජයේ සේවාවන් 04ක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): තවත් රජයේ සේවාවන් 04ක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය රජයේ සේවා පනතේ දෙවන වගන්තිය ඔස්සේ ඔහුට පැවරෙන බලතල ප්‍රකාරව 2023 අප්‍රේල් 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව, විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සේවාවන්, තැපැල් සේවය සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා, සහ ඒ හා සමාන ආයතනවල රෝගීන්ගේ නඩත්තුව, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු සේවාවල වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...