තවත් රජයේ සේවාවන් 04ක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්!

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): තවත් රජයේ සේවාවන් 04ක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය රජයේ සේවා පනතේ දෙවන වගන්තිය ඔස්සේ ඔහුට පැවරෙන බලතල ප්‍රකාරව 2023 අප්‍රේල් 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව, විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සේවාවන්, තැපැල් සේවය සහ රෝහල්, සාත්තු නිවාස, බෙහෙත් ශාලා, සහ ඒ හා සමාන ආයතනවල රෝගීන්ගේ නඩත්තුව, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු සේවාවල වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැදමුලන හොඳයි විජේරාමෙට වඩා. ආණ්ඩුව මේවා කරන්නේ අපෙන් පළිගන්න – හිටපු ජනාධිපති මහින්ද

වත්මන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට කටයුතු කරන්නේ...

“සිත් රූ”- 2025 ප්‍රසංගය නැරඹීමට ජනපති අනුර එක්වෙයි

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට ගෙන ඒම සඳහා...

චීනයේ චිකන්ගුන්යා රෝගීන් 7000ක් වාර්තා වේ.

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 05; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ගුවැන්ඩොං පළාතෙන්...

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”

ප්‍රෞඩත්වයේ මෙව්වා එක පෙනුනි විවරකළ විට “වීදුරු තිර”