*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 04/18

  1. සුදු බිත්තරයක් රු. 44 ක් සහ රතු බිත්තරයක් රු. 46 ක් වන සේ පාලන මිලකට බිත්තර අලෙවි කළ යුතු බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල පවසයි – මැයි 01 වන දින සිට බිත්තරයක් රු. 46 ට වඩා අඩු මුදලකට ලබා දෙන බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.
  2. දේශීය ණය අඩපණ වීම, සේවක අර්ථසාධක අරමුදල, සේවානියුක්තයන්ගේ භාර අරමුදල, ජාතික ස්වෛරී බැඳුම්කර, සහ බැංකු සහ රක්ෂණ අංශවලට නැවත හැරවිය නොහැකි අන්දමේ හානියක් සිදුකරනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල වාර්තාවේ කරුණු මඟින් පසක්වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති – මෙමඟින් විශාල සමාජීය ආතතියක් නිර්මාණය වනවා පමණක් නොව, බරපතල දේශපාලන පෙරළියක් පවා සිදුවිය හැකි බවට අනතුරු අඟවති.
  3. 2023 අප්‍රේල් 11 වන දිනෙන් අවසන් වන සතිය තුළ, විදේශිකයන් විසින් ඇ.ඩො. මිලියන 89 ක පමණ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මිලදී ගෙන ඇති බවත්, මේවා දැන් වන විට සියයට 25 ක පමණ දැවැන්ත පොලියකට යටත්වන බවත් මහ බැංකු දත්ත පෙන්වා දෙයි – භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල මුළු විදේශීය වත්කම් මේ වන විට ඇ.ඩො. බිලියන 0.3 පමණ වේ – 2014 වර්ෂය අවසානවන විට, භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල විදේශීය වත්කම් ඇ.ඩො. බිලියන 3.5 ක් වූ අතර, 2015 – 2019 කාලය තුළ ඔවුන් ආයෝජනය කිරීමෙන් ඉවත්ව ගොස් තිබේ.
  4. වඳුරන් පමණක් නොව මොණරුන් පවා අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි – රිලවුන් අපනයනය කිරීමට විරෝධය පාන අය, වනාතවිල්ලුව, ආනමඩුව සහ අනුරාධපුරය යන ප්‍රදේශවලට ගොස් වඳුරන් සහ මොණරුන් විසින් වගාවලට සිදුකර ඇති හානිය සහ ඉන් ගොවි ප්‍රජාවට සිදුව ඇති අලාභය දැක බලා ගත යුතු බව ද පවසයි.
  5. ශ්‍රී ලංකාවේ බැංකුවක හෝ රජය අනුමත ව්‍යාපෘතියක ඇ.ඩො. 250,000 ක අවම ආයෝජනයක් කරන ආයෝජකයන්ට ස්වර්ණමය වීසා (Golden Visa) පහසුකම ලබා දීමට නුදුරේදී ම කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.
  6. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ප්‍රධාන සැලැස්මට අනුකූලව, වරාය නගරය තුළ නවීන රෝහලක් ස්ථාපිත කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආසිරි හොස්පිටල්ස් සමූහය පවසයි – හඳුනාගෙන ඇති ප්‍රධාන උපායමාර්ගික සහ මහා පරිමාණ සමාජ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 4 හි කොටසක් ලෙස මෙම රෝහල ස්ථාපිත වීමට නියමිතය.
  7. 2023 වර්ෂයේ සංචාරය කළ යුතු ලොව හොඳම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනා ගෙන තිබෙන බව එක්සත් ජනපදයේ සිටින ජාත්‍යන්තර සංචාරක ක්‍රියාකරුවකු මෙන්ම ලොව පුරා විවිධ සංචාරක සහ විනෝද ගමනාන්තවල වික්‍රමයන් ආවරණය කරන සම්මානලාභී චිත්‍රපට නිශ්පාදකයකු වන ජුලියානා බ්‍රොස්ට් පවසයි.
  8. 31 හැවිරිදි කුරුණෑගල පදිංචි පාසල් ගුරුවරියක වන කුශානි ලන්සකර, සිව්දරු නිඹුල්ලුන් (පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැණු දරුවන් එක් අයකු) බිහිකරයි – දරු උපත සිදුව තිබෙන්නේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ය – මව සහ දරුවන් සුවෙන් පසුවන බව වාර්තා වේ.
  9. ජනාධිපතිවරණයක් පැවැත්වීමට ප්‍රථම රජය විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති බව හිටපු විදේශ අමාත්‍ය පා.ම. මහාචාර්ය ජී.එල්. පීරිස් පවසයි – පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ ජනාධිපතිවරණයක් පැවැත්විය හැක්කේ 2024 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 යන කාලය තුළ පමණක් බව ද පවසයි.
  10. ශ්‍රී ලංකා ක්‍රිකට් පුරාවෘත්තයක් වන මුත්තයියා මුරලිදරන් ගේ ජීවිත කතාව පදනම් කරගනිමින් බිහිවූ “800” නම් චිත්‍රපටය නුදුරේදී ම සිනමාහල්වල තිරගත වීමට නියමිතයි – ලෝකප්‍රකට “Slumdog Millionaire” චිත්‍රපටයේ සලිම් මලික් ගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පී මධුර් මිතාල්, මුරලිගේ චරිතයට පණ පොවයි – මෙම චිත්‍රපටය දමිළ, තෙලිඟු සහ හින්දි බසින් තිරගත වීමට නියමිත බවට වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan