*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

කතානායකවරයාට ලැබුණු ලිපිය

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පහතා විසින් , කතානායකවරයාට මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය (Supreme Court Determination) නිවේදනය කිරීමේ දී පෙත්සම්කාර මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ කිරී​ම පිළිබඳ දීර්ඝ ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය පහතින් ,

2023 අප්‍රේල් 17 දින

ගරු කතානායකතුමා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර
කෝට්​ටේ

ගරු කතානායකතුමනි

මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය (Supreme Court Determination) නිවේදනය කිරීමේ දී පෙත්සම්කාර මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩ කිරී​ම

මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එය අතිශයින්ම තීරණාත්මක මෙන්ම පරිපූර්ණ ලේඛණයක් ලෙස වර්ණනා කරමින් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්නේ කඩාකප්පල්කාරින් ලෙස සමහරෙක් සඳහන් කරන ලදී. එසේ වුවද මෙම ලියැවිල්ලේ පවතින අතිශයින්​ම භයානක විධිවිධාන මෙන්ම දුර්වලතා හේතුවෙන් මා ඇතුළු පෙත්සම්කරුවන් හත්දෙනෙක් මෙකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලදී. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් අප වෙනුවෙන් නොමිලේම පෙනී සිටින ලදී.

2022 අප්‍රේල් 4 දින ඔබතුමා විසින් මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී. එහි දී ඔබතුමා සඳහන් කලේ එකී කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි. (ඔබතුමාගේ නිවේදනය අඩංගු වීඩියෝ පටය සහිත සීඩී තැටියක් ඇමුණුම 1 ලෙස ද එහි මුද්‍රිතයක් ඇමුණුම 2 ලෙස ද මීට අමුණා ඇත). එදින රාත්‍රියේ විද්‍යුත් නාලිකා ද පසුදින පුවත්පත් ද එකී වැරදි ප්‍රකාශයට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙන ලදී (2023 අප්‍රේල් 5 දින Ceylon Today පුවත්පත් හි මෙම ප්‍රකාශය පළ කල උධෘතය ඇමුණුම 3 ලෙස ලකුණු කර මීට අමුණා ඇත). නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති විසින් සංශෝධන 80ක් යෝජනා කර තිබුණි. එවැනි දැවැන්ත සංශෝධන ගණනක් යෝජනා වුණු මහ බැංකු පනත් කෙටුම්පත මා දන්නා ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වඩාත් දෝෂ සහිත පනත් කෙටුම්පතයි.

ඉතිහාසයේ ඉදිරිපත් වුණු වඩාත් දුර්වලම පනත් කෙටුම්ප​​තක් කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට බරපතල ලෙස හානියක් සිදු විය. එය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමට තුඩු දෙන කරු​ණකි. එමෙන්ම පනත් කෙටුම්පතේ දුර්වලතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ නීතිඥ මඩුල්ලට ද නිගාවකි. පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ප්‍රමුඛ පෙත්සම්කරුවන් ද අසීරුතාවයට පත් කිරීමකි.

ඉහත කරුණු මත මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ඔබතුමා කළ ප්‍රකාශය වහාම නිවැරදි කිරීමට ඉදිරිපත් වීම පෙත්සම්කාර මන්ත්‍රිවරයෙකු ලෙස මා කර මත පැටවුණු වගකීමක් විය. එහි දී ඔබතුමාගේත් පාර්ලිමේන්තුවේත් ගෞරවය ආරක්ෂා විය යුතු බැවින් නිලධාරියෙකු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස නොකියවා ඔබතුමාට ලබා දුන් වැරදි උපදෙසක් මත ඔබතුමා මෙම ප්‍රකාශය සිදු කළ බව මම මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කලෙමි (එකී ප්‍රකාශයේ මුද්‍රිතයක් ඇමුණුම 4 ලෙස මීට අමුණා ඇත).

මේ පිළිබඳ ඔබතුමා දැනුම්වත් කිරීමට උත්සහ කළත් ඔබතුමා විදේශ ගත වී සිටි බැවින් ඔබතුමාගේ සම්බන්ධිකරණ ලේකම් වෛද්‍ය චමීර අබේවර්ධන මහතා දැනුම්වත් කලෙමි. මේ අතරේ ඔබතුමාගේ මාධ්‍ය ලේකම් ඉඳුනිල් අබේවර්ධන මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මා විසින් රට සහ අධිකරණය නොමග යවන ප්‍රකාශයක් කර ඇති බවත් එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර අදාළ මූලාශ්‍ර අධ්‍යනය කළ යුතු බවත් මා කලේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා වූ පහත් උත්සහ​යයක් බවත් සඳහන් කර ඇත. (කතානායක මාධ්‍ය ලේකම්ගේ 2023.04.11 දිනැති මාධ්‍ය නිවේදනය ඇමුණුම 5 ලෙස මීට අමුණා ඇත.)

මා විසින් එකී ප්‍රකාශය සිදු කරේ සියළු මූලාශ්‍ර නිසි ලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුවය. නීතිඥයෙකු මෙන්ම වගකිවයුතු දේශපාලකයෙකු ලෙස නිසි අධ්‍යනයකින් තොරව මා කිසිම දිනක ප්‍රකාශ සිදුකර නොමැත. එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පාර්ලිමේන්තු කටයුත්තක් පිලිබඳ සිදු කළ ප්‍රකාශයක් පිලිබඳ වැරදි මතයක් අධිකරණයේත් සමස්ත සමාජයේත් ඇති කිරීමට උත්සාහ කරමින් ද මට පහත් ලෙස අපහාස කරමින් ද මාගේ පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කරමින් ද පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතින් මට හිමි වරප්‍රසාද උල්ලංඝණය කර ඇත.
මේ පිලිබඳ 2023 අප්‍රේල් 25 දින පාර්ලිමේන්තුවේ දී ඔබතුමාට සහ ඔබතුමාගේ මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා මට අවස්ථාව ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.

මීට දේශප්‍රේමිත්වයෙන්

උදය ගම්මන්පි​ල

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan