බිත්තර මිල පහළ යයිද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට රජය සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක සහ රතු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් පනවා තිබේ. එහෙත් වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලටය.

මේ තත්ත්වය මත වෙළෙඳපොළේ බිත්තර හිඟයක්ද මතු වූ අතර, ඊයේ (17) දින බිත්තර බර අනුව විකුණන අයුරු පිටකොටුවේදී දක්නට ලැබුණි.

එලෙස බිත්තර බර අනුව විකිණීම නීතියට පටහැනි බැවින් එම වෙළෙඳසැලට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත් අතර , මැයි මස පළමු වනදා සිට රජයේ පාලන මිලට අඩුවෙන් බිත්තර අලෙවි කරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (17) ප්‍රකාශ කළේය.

ඉන් පසුවත් ක්‍රමානුකූලව බිත්තර මිල පහළ යනු ඇති බව එහි සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...