ගෝල්ෆේස් පිටියේ දේශපාලන රැළි, සංගීත සංදර්ශන වලට ඉඩ අහුරමින් කැබිනට් තීන්දුවක්!

Date:

කොළඹ LNW:ආගමික කටයුතු සඳහා හැර වෙනත් සංගීත සංදර්ශන,දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා ගාලු මුවදොර පිටිය ලබා නොදීමට කැබිනට් මණ්ඩල තීරණයක් ගෙන තිබේ.

ඒ අනුව එළඹෙන 20 වැනිදා සිට එම තීරණය බලාත්මක කර ඇත.

ගාලුමුවදොර පරිශ්‍රයේ ජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි වන පරිදි එහි සුන්දරත්වයට හානි නොවන ලෙස පවත්වාගෙන යාම සඳහායි එම තීරණය ගෙන ඇත්තේ.

සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම වරාය අධිකාරිය විසින් භාර ගෙන තිබෙන අතර මේ දක්වා සිදුකර තිබෙන සංවර්ධන කටයුතු වලට එම අධිකාරිය විසින් රු. මිලියන 220ක් පමණ වැයකර ඇති බවත් පසුගිය අරගල කාලසීමාවේදී සිදුවූ දේපළ හානි යථාවත් කිරීම සඳහා රු. මිලියන 6.6ක් වැය වී ඇති බවත් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නිවේදනය කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...

තිදෙනෙකුට ජීවිත අහිමි කළ මාරක රිය අනතුර!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: අද (08) සවස,...