මහන්සියට නිසැක ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක් මම ගමට ගෙනාවා – ධම්මික පෙරේරා අකුරණදී කියයි!

Date:

කොළඹ LNW:”පොහොසත් ගමක් – පොහොසත් රටක් ” සංකල්පය ඔස්සේ ජාතික ආර්ථිකයේ දියුණුව සඳහා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාවට නැංවෙන මෙරට ප්‍රථම සහ එකම බහුකාර්ය අඛණ්ඩ වැඩපිළිවෙල වන ඩිපි අනාගත නියමු ව්‍යාපෘතියෙහි දෙවැන්න ඊයේ (18) අකුරණ අලවතුගොඩ කොණකගල දී ඩිපි එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා විසින් විවෘත කෙරුණි.

”පොහොසත් ගමක් – පොහොසත් රටක්” සංකල්පය අනුව ගම පොහොසත් කිරීම සඳහා වන පියවර 18ක් මෙහිදී ක්‍රියාත්මක කෙරේ. මෙහිදි එක් පියවරක් ලෙස ඩීපී එඩියුකේෂන් පෙර පාසල ධම්මික පෙරේරා මහතා අතින් විවෘත විය.

අකුරණ කොනකගල දී ඇරඹුණු මෙම ව්‍යාපෘතිය කොනකගල ශ්‍රී විජිත මහා විහාරය කේන්ද්‍ර කරගනිමිනුයි ක්‍රියාත්මක වන්නේ.

ඒ අනුව රට ඩිජිටල් යුගයක් වෙත රැගෙන යාමේ ගමනේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ධම්මික පෙරේරා මහතා අතින් වැඩසටහන් රාශියක් ජනතාව අතට පත්කෙරුණි.

”ශ්‍රී ලාංකික ජාතියක් හැටියට ගත්විට අපි සෑහෙන මහන්සි වෙන ජාතියක්. ඇමරිකාව වැනි දියුණු රටවල උදවියටත් වැඩිය පුද්ගලයින් ලෙස ගත්විට අපි මහන්සි වෙනවා. නමුත් අපි තවමත් දුප්පත්. මොකද අපි මේ මහන්සිය යෙදවිය යුත්තේ කුමක් උදෙසා දැයි අපිට මඟපෙන්වීමක් නැහැ. එය රජයක් විසින් කළ යුතු කටයුත්තක්. නමුත් එය සිදුනොවන නිසා මම මගේ හැකියාවෙන් මෙලෙස එය සිදුකළා. අද මේ පරිශ්‍රයේදී ගමක් දියුණු කළ හැකි අංශ 16ක් මම ස්ථාපිත කළා. තව වසරක කාලයක් ඇතුළත මෙහි ප්‍රතිඵල ලැබේවි. අපි පොහොසත් කියන හැගීම අපිට ඇතිවේවි. ඒ මානසිකත්වය ඇතිවූ විට තව වසර පහක යන විට අපට එය අත්විදීමට හැකියාව ලැබේවි. ඒ විතරක් නෙවෙයි අපගේ ඩිපි එඩියුකේෂන් හරහා උකහාගත් තම ඩිජිටල් දැනුම යොදාගනිමින් හය වසරේ දරුවෙක්ට පවා මුදලක් උපයාගත හැක ක්‍රම්වේදයක් අපි නොබෝ කලකින්ම හඳුන්වා දෙනවා. එසේ මුදල් ඉපයීමට ලොව කිසිම රටක තහංචියක් නැහැ. අපිට පුළුවන් වෙයි මෙම වැඩසටහන හරහා පවුලකට අලුත් ශක්තියක් ලබාදෙන්න.” යනුවෙන් එහිදී ධම්මික පෙරේරා මහතා සඳහන් කරන ලදී.

ඩිපි එඩියුකේෂන් අයි ටී කැම්පස් හා අයි ටී ක්ෂේත්‍රයේ රැකියා මිලියනක් බිහිකිරීමේ ඉලක්කය සහිතව ක්‍රියාත්මක ඩිපි එඩියුකේෂන් සිලිකන්වලි අයි ටී ඔෆිස් පරිශ්‍රයද කොණකගල ශ්‍රී විජිත මහා විහාරයේදී ජනතා අයිතියට පත්කෙරුණි.

අකුරණ ප්‍රදේශයේ ජනතාවට ඩිජිටල් අධ්‍යාපනයේ අවස්ථා තවදුරටත් පුළුල් කරමින් ඩිපි එඩියුකේෂන් ඩිජිටල් පිරිවෙන් පන්ති කාමරය,ඩිජිටල් පාසල් පන්ති කාමරය,වෘත්තීය පුහුණු පාසල,සෞඛ්‍ය අධ්‍යාපන පාසල,ක්‍රීඩා පුහුණු පාසල සහ භාෂා පාසල ආදියද එහිදී ජනතා අයිතියට පත්විය.

මෙහිදී උත්සව සභාව අමතමින් විජිත මහා විහාරාධිපති කොණකගල උදිත නායක ස්වාමීන් වහන්සේ අවධාරණය කළේ ශ්‍රී ලංකාව සැබවින්ම ලෝකයේ උතුම් රට බවට පත්කිරීමට ධම්මික පෙරේරා මහතාගේ සත්පුරුෂ උත්සාහයට හැකි වේවායි ප්‍රර්ථනා කරන බවයි.

මේ අතර අකුරණ ප්‍රදේශයේ ජනතාවට ජාති ආගම් භේද නොසලකා අලුත් අවුරුදු සිරිය විඳගැනීමටද ධම්මික පෙරේරා මහතාගේ අනුග්‍රහයෙන් අවුරුදු උත්සවයක්ද පවත්වා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...