චමරි අපි දිනමු!

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 19, කොළඹ (LNW): සිහින දකින්නට කාට වුව හැකිය.එහෙත් ඒ සඳහා වෙහෙසෙන අයට පමණක් ඒවා සිහින තත්ත්වයෙන් මුදවා යථාර්තයක් කර ගන්නට හැකිය.චමරි අතපත්තු ගේ සිහිනයක් මේ මොහොතේ ජාත්‍යන්තරයේ අවධානය දිනා ගෙන ඇත.එය ප්‍රතිවාදීන් සසල කරන සිහිනයක්ම වනු ඇත.
මන්ද චමරි අතපත්තු වකුටු වී නිදාගෙන සිහින දකින්නියක් නොවේය.අතපය දිග හැර වෙහෙසී ඒවා යථාර්තයක් කර ගන්නට වෙහෙසෙන්නීය.ඇයගේ යථාර්තයක් කර ගැනීමේ උවමනාවෙන් දකින සිහිනය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසාන පූර්ව තරගයක දැකීමය.එය සෙස්සන්ට බියකරු සිහින මවන සුළුය.


අවසාන ඉණිමේ එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව පරාජය කරන්නට ඇය එල්ල කළ ප්‍රහාරය සමඟම ලෝකයේ සෙසු කණ්ඩායම්වල පන්දු යවන්නන්ට වැඩ වැඩි වී තිබෙන බව නිබොරුය.සියල්ල සලිත කරන සුළු ඒ ඉණිම ලොව එක්දින ඉණිම් අතර වැඩිම ලකුණු හිමි වූ තෙවන ඉණිමය.එසේම ඇය ඒ ඉණිමෙන් ශ්‍රී ලංකාවට ලබා දුන්නේ ලොව වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ලබන ජයග්‍රහණය ය.ලකුණු 305 න් 195 ක් චමරිටය.එයට වැය කරන්නේ පන්දු 139 පමණය.


මේ වන විට චමරි ලොව ප්‍රකට වන්නේ තරගයක ජයග්‍රහණය වෙනුවෙන් තනිව උර දිය හැකි ක්‍රීඩිකාවක ලෙසය.අනෙක් අන්තයේ පිතිකරුවන්ට කල්පනාවෙන් කඩුල්ල රැක ගෙන එකේ ලකුණුවලින් සම්මාදම් වෙමින් චමරිට උදව් කරන්නේනම් ඇය තරගයක් නොදැවී පරාජයනම් නොවනු ඇත.කඩුල්ලේ තරගයක් නිමාවන තෙක් ඇය රැදීම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයක්ය.


සමුගැනීම ඉක්මණින් සිඳුවන බව කියන්නීය.එසේම ඇය තමන් යටතේ විස්කම් පාන සහ පෙරමඟ දකින කණ්ඩායමේ තාරුණ්‍යය ගැන ද සිහින දකින්නීය.


“අවසාන තරගයක මේ තරුණ කණ්ඩායම දැකීම සිහිනයක්.”


එහෙත් ඒ සිහිනය දකින්නට චමරිගෙන් තොර කණ්ඩායමකට කාලයක් බලා සිටින්නට වනු නැත.ඇය දකින අවසන් පූර්ව තරග සිහිනය මේ වසරේ යථාර්තයක් වන්නේනම් අවසාන තරගය ද බොහෝ විට කුසලානයද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ සුරතේ තැන්පත් වීම සිහිනයක්ව නොපවතිනු ඇත.


චමරිට තරම් ජයග්‍රහණ ගැන සිහින දකින්නට අන් කිසිවෙකුට හෝ ශුද්ධ අයිතියක් නොමැත.ඇය සිහිනයැයි සිතූ බොහෝ දේ හැබෑ කළ පිතිකාරිණියක වුණත්,ඇයම කියන්නේ පිතිකාරිණියක ලෙස කළ දේ තවමත් තමන්ට ඉහළින්ම තෘප්තිමත් විය හැකි පරිදි නායිකාවක ලෙස කරන්නට නොහැකි වී ඇති බවය.එහෙත් ගෙවුණු මාස 10 ට ආසන්න කාලය පහසු නැත.ඇය නායිකාවක ලෙස ද සිහින සේ තිබූ ඉම් මතට සිය පිත්ත ද වාරු කරගෙන ගොඩ වී ඇත.එංගලන්තයට,නවසීලන්තයට පමණක් නොව ලෝක අනු සූරියන් වූ දකුණු අප්‍රිකාවට ද පරාජය අත් කර දුන් ඒ ප්‍රහාරයන් මෙන්ම කණ්ඩායම් හැඟීම දැන් සෙසු කණ්ඩායම් තැති ගන්වමින් ඇත.ඒ නිසා ඒ තැති ගැන්ම බිය ගැන්ම සහිත චමරිගේ පිත්තෙන් ලකුණු ගලන රිද්මයට පන්දු යවන්නියන් දක්වන දායකත්වයේ ශක්තියද නායකත්වයේ මඟ පෙන්වීම ද එකතු වූ විට අවසාන පූර්ව තරගය ගැන නොව අපි චමරිට ආශිර්වාද කරන්නේ ලෝක කුසලානය ඔබ අතට පත්වන සිහිනය ද යථාර්තයක් කළ හැකි ශක්තියත්,කණ්ඩායම් සහයත්,පිතිකරණයත් ඔබ වටා ගොනු ව ඇති බවය.
චමරි අපි දිනමු!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර කුමාරටත් සිහිනයක් තියෙන්න ඇති. මටත් අවස්ථාව ලැබුණොත් ජනාධිපතිවරණයට එනවා – නවින්

කොළඹ LNW:ජනාධිපති ධූරය වෙනුවෙන් තමන්ට සුදුසුකම් ඇති බවට විශ්වාස...

ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීමේ සැලස්මක්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සුදාට එරෙහිව වාරණ නියෝගයක් !

රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාව...

Radoslav Cernicky ඇහෙන්, දකිමු ලෝකයක්!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW): 2019 සෝනි ලෝක...