14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල බෙයිජිං නුවරදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ මෙහෙයවීම යටතේ චීන මාධ්‍ය සමූහය සහ බෙයිජිං නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කරන ලද 14 වැනි බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙල බෙයිජිං නුවර යංචි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වෙයි.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයිශොං මහතා එම උළෙලට සහභාගි විය.

සංස්කෘතියට අධ්‍යාත්මය සම්බන්ධ කළ හැකි බවත්, කලාවට ලෝකය සම්බන්ධ කළ හැකි බවත් චීන ජනාධිපති ‍ෂී ජින් පිං මහතා පෙන්වා දී ඇතැයි ඔහු එහිදී කියාසිටියේය. ගෙවී ගිය වසර 14 ක කාලය තුළ මෙම සිනමා උළෙලේ ජාත්‍යන්තර බලපෑම වඩාත් වර්ධනය වෙමින් පවතින බව ද හෙතෙම පැවසීය.

දෙස් විදෙස් සිනමාකරුවන් රැස්ව චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සහ සංස්කෘතික හුවමාරු තර කිරීම මෙවරත් බෙයිජිං ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ අරමුණයි. මෙවර උළෙල සඳහා ලියාපදිංචි වී ඇති චිත්‍රපට සංඛ්‍යාව 4,273 කි. ඒ අතර ප්‍රධාන තරග අංශය වන “ටියැන්ටන් සම්මානය” සඳහා චිත්‍රපට 1509 ක් ලියාපදිංචි වී තිබීම කැපීපෙනෙන අතර, මෙහි සමාප්ති උළෙල ලබන 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.මෙහිදී “ටියැන්ටන්” සම්මානලාභියා එහිදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...