ප්‍රියන්ත කුමාර ඝාතනය: හය දෙනෙකුට මරණ දණ්ඩනය, හත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Date:

පකිස්තානයේ සියල්කොට් හි සිටි ශ්‍රී ලාංකික පුරවැසියකු වූ ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයන් සය දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමටත්, සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමටත් පකිස්තානයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයක් විසින් නියම කර තිබේ.

ප්‍රියන්ත කුමාර ඝාතනයට අදාළව පුද්ගලයන් 89 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබූ අතර, ඔවුන්ගෙන් නම දෙනෙකුම බාලවයස්කාර පුද්ගලයන් විය.

ඔවුන්ගෙන් සත් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇති අතර, පුද්ගලයන් 76 දෙනෙකුට වසර දෙකක සිර දඬුවමක් නියම වී ඇත.

ගුජ්රන්වාලා හි විශේෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණයේ විනිසුරු නතාෂා නසීම් විසින් ලාහෝර් හි කොට් ලක්පට් බන්ධනාගාරයේදී මෙම ඝාතන නඩුව විභාග කළ අතර, ඊයේ (18) දින මීට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේවෙතත්, මෙම සිදුවීමට අදාළ බාලවයස්කාර සැකකරුවන් නම දෙනා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න විනිසුරු විසින් ප්‍රකාශයට පත් කර නැති බවයි වාර්තා වන්නේ. ඔවුන්ට අදාළ නඩුකරය තවමත් ක්‍රියාත්මක වේ.

සියල්කොට් නගරයේ කර්මාන්ත ශාලාවක නිශ්පාදන කළමනාකරවරයකු ලෙස සේවය කළ 49 වියැති ප්‍රියන්ත කුමාර මහතා ආගමට අපහාස කළ බවට චෝදනා නඟමින් ආගමික අන්තවාදී කණ්ඩායමක් විසින් ඔහුට දරුණු ලෙස පහර දී ගිනි තබා ඝාතනය කිරීම සිදුවූයේ ඉකුත් දෙසැම්බර් 03 වන දින ය. මෙම සිදුවීම සජීවීව පටිගත කළ වීඩියෝ පට සමාජ මාධ්‍ය වල හුවමාරු විය.

එවකට පකිස්තානයේ අග්‍රාමාත්‍ය වූ ඉම්රාන් ඛාන් මහතා මෙම දරුණු ඝාතනය තරයේ හෙලාදුටු අතර, සිදුවීමට අදාළව යුක්තිය ඉෂ්ට කරන බවට පොරොන්දු වී තිබිණි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...