සුරේන් රාඝවන් ඇමතිකම ගත්තේ රෙදිත් ඇඳගෙනද ?

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා ඊයේ (18) දිනයේදී අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබිණි.

මීට දින කිහිපයකට පෙර ඒ මහතා ජනාධිපතිවරයාව දැඩි ලෙස විවේචනය කරමින් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව සමාජ මාධ්‍ය තුළ සටහන් කර තිබුණු අතර ඔහුට පෙර මේ ආකාරයෙන්ම ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිකමක් භාරගත් ශාන්ත බණ්ඩාර මහතාව තදින් විවේචනයට ලක්කර ද තිබිණි.

එසේම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීම තමන් සිදුකරගත් විශාලතම වරද බවටත් ඒ මහතා පිළිගෙන තිබුණු අතර තමන් මියයන්නට පෙර ඒ වරද නිවැරදි කිරීම සඳහා හැකි සෑමදෙයක්ම කරන බවටත් පොරොන්දු වී තිබිණි.

ඒ අනුව සුරේන් රාඝවන් මහතාගෙන් අපට අසන්නට ඇත්තේ ඔහු මෙම ඇමති ධුරයෙහි දිවුරුම් දුන්නේ රෙදිත් ඇඳගෙනද කියා ය.

සුරේන් රාඝවන් මහතා මේ වනවිට සිය ෆේස්බුක් පිටුවෙන් අදාළ සටහන් මකා දමා ඇතත් ඊට පෙර ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙන අතර ඒවා පහතින් දැක්වේ.

May be an image of one or more people and text that says "Dr Suren Räghavan Apr 7 at 01:04 ජනපති තුමණි (ඔබේ සේවයට ස්තුතියි) හැකි ඉක්මනින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවා ඉල්ලා අස්වෙන දවස දන්වන්න"
May be an image of 1 person
May be an image of text

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරේ ඉඩම් අක්කර 5941ක් රජයට පවරා ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් !

උතුරු පළාතේ පිහිටි, හිමිකම් ප්‍රකාශ කර නොමැති ඉඩම් අක්කර...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 28) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ශානි අබේසේකර යළි CID අධ්‍යක්ෂ තනතුරට ?

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා...