විශ්වාසභංගයට අපි සහාය දෙන්නේ අපේ කොන්දේසි පිළිගන්නවා නම් විතරයි – ගම්මන්පිල (VIDEO)

Date:

ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු කණ්ඩායම සහාය දෙන්නේ තම කොන්දේසි දෙකක් පිළිගන්නේ නම් පමණක් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“මන්ත්‍රී ධුර 46ක් පමණක් තිබෙන සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සඳහා මේ දිනවල අත්සන් එකතු කරමින් සිටින බවට අපට දැනගන්න ලැබිලා තියෙනවා. මේක සම්මත කරගන්න නම් ඒ මන්ත්‍රීවරුන් 46 දෙනාට තවත් මන්ත්‍රීවරුන් 87 දෙනෙකුගේ සහයෝගය ලබාගැනීම අවශ්‍යයයි. නමුත් මේ දක්වාම සජබ මේ පිළිබඳව අනෙකුත් දේශපාලන පක්ෂ සමග හෝ කණ්ඩායම් සමග සාකච්ඡාවක් කරලා නෑ. නමුත් 113ක් මන්ත්‍රීවරුන් සකසා ගැනීමකින් තොරව විශ්වාසභංග යෝජනාවක් භාරදීමෙන් වෙන්නේ ඇත්තටම ආණ්ඩුවට වාසියක්. දැනට මන්ත්‍රීවරුන් 118ක් ඉන්න මේ ආණ්ඩුව මේ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කළොත් රට තුළ හතරගාතෙන් වැටිලා තියෙන ආණ්ඩුව විපක්ෂය විසින් පාර්ලිමේන්තුව තුළ දැවැන්ත ජයග්‍රහණයක් ලබාදීලා යළි ශක්තිමත් කළා වෙනවා. මේ තත්වය මත කොන්දේසි දෙකක් යටතේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්න අපි සූදානම්. පළමුව මේ විශ්වාසභංග යෝජනාව භාරදෙන්න කලින් මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ සහයෝගය තිබෙන බව තහවුරු කරගත යුතුයි. ඒ වගේම දෙවනුව ආණ්ඩුව විසිර යෑමෙන් පස්සේ අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ අපේ යෝජනාවට සජබ සහයෝගය පළකරලා දායක වියයුතුයි. මේ කොන්දේසි දෙකට එකඟ නම් පමණයි මේ ආණ්ඩුව පරාජය කිරීමට අදාළ පසුබිම සකස් කරගන්න වෙන්නෙ”

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තංගල්ලේ වෙඩි තැබීමක්: අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18)...

මහින්දට 80 යි : මහින්ද ඉගෙනගත යුතු පාඩම සහ මහින්දගෙන් ඉගෙනගත යුතු පාඩම ….

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිදුවන දේ ගැන නාමල් අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : 2026 අයවැය සැලසුම්...

‘AI මෙවලම් පවසන සෑම දෙයක්ම අන්ධ ලෙස විශ්වාස නොකරන්න’ – සුන්දර් පිචායි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කෘත්‍රිම බුද්ධි...