අපට කියපු දේ නෙවෙයි කරලා තියෙන්නේ – නව කැබිනට්ටුව ගැන පොහොට්ටුව ඇතුළේ විරෝධය එළියට !

Date:

නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී සිදුව ඇත්තේ තමන් එකඟවූ දෙය නොවන බවත් ඒ සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා සියලුම කැබිනට් ඇමතිවරුන් අයින්වෙලා එතුමාට ආධුනික කැබිනට් මණ්ඩලයක් හදන්න අවශ්‍යයයි කියලා. ඒ වෙලාවෙදි අපි සියලුදෙනාම ඉල්ලා අස්වෙනවා අපිව නැවත පත්කරන්න අවශ්‍ය නැහැයි කියන කාරණයට අපි එකඟතාවය පළ කළා. නමුත් එක කාරණයක් ගැන මම කණගාටුවට පත්වෙනවා. එහෙම එකඟතාවයට ආපු ඇමතිවරුන් කිහිපදෙනෙක් නැවත අමාත්‍ය තනතුරුවල පෙනී හිටිනවා. අපට කියපු දේ නෙවෙයි එතන කෙරිලා තියෙන්නෙ”

එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) අනුරාධපුර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...