පොලිස් තාක්ෂණ කොට්ඨාශයෙන් දළදා වන්දනාවට පහසුකම් රැසක්!

Date:

කොළඹ LNW:වාහන ගාල් කිරීම, පොලිම්වල දිග ඇතුලුව සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සඳහා අවශ්‍ය තොරතුරු රැසක් www.police.lk වෙබ් පිටුවේ සිරි දළදා වන්දනා කොටස තුළ අන්තර් ගත කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

දළදා වන්දනාව සඳහා මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව සඳහා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාශයේ මෙහෙයවීම මත මෙම තාක්ෂණික සේවාව සපයා ඇතැයි ඒ මහතා කීවේය.

මෙම වෙබ් පිටුව තුළ සැහැදැවතුන් රැදි සිටින පොල්ම්වල දිග, වාහන ගාල් තුළ තවත් වාහන කොපමණ ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩ පවතී ද, පොලිසියෙන් නිකුත් කරන විශේෂ නිවේදන, දළදා දැක්ම කාල සටහන්, පොලීිසිය කඩිනමින් සම්බන්ධ කර ගත හැකි දුරකථන හා වට්ස්ඇප් අංක යනාදිය අන්තර්ගත යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

නිතරන්තරයෙන් මෙම වෙබ් පිටුව යාවත්කාලීන කරන බවත් එබැවින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන් පෝලිම් සඳහා එක්වීමට ප්‍රථමයෙන් පිටුව පරිශීලනය කිරීම වඩා සුදුසු යැයි ඒ මහතා කීවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...