පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගැනීම ගැන නාමල් අසතුටින්?

Date:

කොළඹ LNW:රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමට දායක පුද්ගලයින් අත්අඩංගුවට ගෙන මහ මොළකරුවෝ අල්ලන් බවට කියමින් මේ මොහොතේ ආණ්ඩුව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ගෝලීය වශයෙන් ආර්ථික අවපාතයක් පිළිබඳව සාකච්ජාවක් මතුව තිබෙන පසුබිමක ඒ වෙනුවෙන් මැදිහත්වීම වෙනුවට ජනාධිපතිවරයා රාජපක්ෂලාට බැන බැන රට වටේ යමින් සිටින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

” මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න දායක වෙච්ච පිරිස් අත්අඩංගුවට අරගෙන දැන් ඔන්න අපි මහ මොළකරුවෝ අල්ලනවා කියල තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනවා. මේ වෙලාවේ අතිගරු ජනාධිපතිතුමා කරන්න ඕනේ රාජපක්ෂලාට බැන බැන වේදිකාවක් වේදිකාවක් ගානේ යන එක නෙවෙයි. මේ වෙලාවේ ජනාධිපතිතුමා කරන්න ඕනේ ගෝලීය ආර්ථික අවපාතයක් ගැන ලොකු කතිකාවතක් හැදිලා තියෙනවා. ඇමරිකානු අලුත් බදු ප්‍රතිපත්තිය එක්ක කලාපීය වගේම ගෝලීය රටවල්වල භූගෝලීය දේශපාලනයේ ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. භූගෝලීය ආර්ථිකයේ ලොකු වෙනසක් ඇති වෙලා තියෙනවා. කලාපයේ වගේම කලාපයෙන් පිටත ගණුදෙනු කරන සහ වෙළෙඳාම් පිළිබඳව අලුතෙන් ගිවිසුම්වලට එළඹෙනවා. අපි දකිනවා චීන ජනාධිපතිවරයා වියට්නාමයට යනවා. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා තවත් රාජ්‍ය නායකයෝ ඉන්දියාවට කැඳවනවා. ඒ වගේම සිංගප්පූරු ජනාධිපතිවරයා මැතිවරණයක් තියෙද්දිත් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පැත්තක තියල තමන්ගේ රටේ ආර්ථිකය ගැන ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කරනවා. යුරෝපා සංගමය ඉන්දියාව එක්ක සාකච්ජා කරනවා. ඉන්දියාව චීනය එක්ක සාකච්ජා කරනවා. අපේ ජනාධිපතිතුමා අපට බැන බැන රට වටේ යනවා. හැබැයි මේ අර්බුදයට මුහුණ දෙන්න එතුමාට සැලැස්මක් නැහැ. තියෙනවා කියල පේන්නෙත් නැහැ.” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...