ටුවාලු හි පළමු ATM යන්ත්‍රය උත්සවාකාරයෙන් විවෘත වෙයි!

Date:

කොළඹ LNW:කුඩා පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටුවාලු හි පළමු මුදල් යන්ත්‍රය (ATM) එළිදක්වා තිබේ.

එය රටේ ආර්ථිකයේ වැදගත් පියවරක් ලෙස අග්‍රාමාත්‍ය ෆෙලෙටි ටියෝ දක්වා තිබේ.

11,000 ක පමණ වන ටුවාලු වැසියන්ට විද්‍යුත් බැංකුකරණයට ප්‍රවේශය ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

ඒ අනුව එහි ගුවන්තොටුපළ ඇතුළුව රටේ ප්‍රධාන දූපත වන ෆුනාෆුටි හි යන්ත්‍ර පහක් සහ අලෙවි පර්යන්ත 30 ක් ස්ථාපනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අගමැති ෆෙලෙටි ටියෝ පවසන්නේ මෙම පියවර “වැදගත් අවස්ථාවක් සනිටුහන් කරනවා පමණක් නොව, බැංකුව සම්පූර්ණයෙන්ම නව යුගයකට ගමන් කරන විට එය ඓතිහාසික” වන බවයි.

“අපි සෑම විටම ඇනලොග් අවකාශයක සිටිමු, මේවා අපට සිහින විය” යනුවෙන් අගමැති ටියෝ ගාඩියන් පුවත්පතට පවසා ඇත.

මෙම යන්ත්‍ර ලාභදායී නොවන නමුත් රජයේ සහයෝගය සහ දැඩි අධිෂ්ඨානය ඇතිව, අපගේ ජනතාව සඳහා මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට අපට හැකි වූ බවයි පළමු ATM යන්ත්‍රය එළිදැක්වීම ගැන අගමැතිවරයා සඳහන් කරන්නේ.

අදාළ උත්සවය ෆුනාෆුටි හි වයිකු ගම්මානයේ ටුවාලු ජාතික බැංකුවේ මූලස්ථානයේදී පැවැත්විණි. සාම්ප්‍රදායික නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යාපාරික නිලධාරීන් ද එයට සහභාගී වූහ.

මේ දක්වා ටුවාලු වැසියන්ට මුදල් ලබා ගැනීම සඳහා බැංකුවකට භෞතිකව යාමට සිදු වූ අතර වැටුප් දිනයේදී සේවකයින් වැටුප් ලබා ගන්නා විට පිටත දිගු පෝලිම් ඇතිව තිබේ.

මේ අඅතර සාප්පුවලටද පළමු වරට ඉලෙක්ට්‍රොනික ගෙවීම් සැකසීමට හැකි වනු ඇත.

කෙසේ වෙතත්, මුදල් යන්ත්‍ර මුලින් පෙරගෙවුම් කාඩ්පත් පමණක් පිළිගනු ඇත. පසු දිනකදී ජාත්‍යන්තරව භාවිතා කළ හැකි හර සහ ක්‍රෙඩිට් කාඩ්පත් හඳුන්වා දීමට බැංකුව සැලසුම් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ටුවාලු යනු 1978 දී එක්සත් රාජධානියෙන් නිදහස දිනාගත් දකුණු පැසිෆික් සාගරයේ කුඩා දූපත් නවයකින් සමන්විත රටකි.

මෙය සංචාරකයින් ද ඉතා අඩුවෙන් පැමිණෙන දුපත් රාජ්‍යයක් ලෙස දැක්වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...