නිශ්මං රණසිංහ අප්‍රේල් 19 කොළඹ LNW :
ක්‍රීඩා අමාත්‍යතුමා රගර් පවුලේ දේපළක් ලෙස සළකා පාලනය කළ රාජපක්ෂ පවුලේ රගර් ලොක්කා වූ නාමල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ දැම්ම සවුත්තුව ගැන මහත් ප්‍රීතියෙන් සිටින දායක සභා බොහෝ වෙති.එහිදී පවුම් 50000 ක දඩය ගැසීමට හේතු වූ බේබිලාගේ රගර් ගැන ද අමාත්‍යවරයා කීවේය.ඊට පිළිතුරු ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේ මෙරට පාපන්දු ක්‍රීඩාවට ද විදේශ ක්‍රීඩකයන් සඹබන්ධ වී ඇති බවය.ඒත් ඒ ලාංකේය සම්භවයක් ඇති පිරිසක් වන අතර රගර් සිඳුවීම සිඳු වූයේ එවැනි කිසිඳු සම්බන්ධයක් නැති,ලංකාවේ ආගමන විගමන නීතියට අනුව මෙරට පුරවසියන් ලෙස පිළිගැනීමට කිසිඳු සාධකයක් නැති විදේශිය ක්‍රීඩකයන් ලංකාවට යෙදවීම නිසාය.
එච්චර දුර පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ ප්‍රශ්නය දිගට ඇඳ ගෙන යාමට නොහැකි වූයේ නාමල් ඊ ළඟට අසන්නට ඇති ප්‍රශ්නවලින් ආණ්ඩුවේ සියල්ල හේදී යන්නට ඉඩ ඇති නිසාය.ඒ සිඳුවිම වැරදිනම් දැන් දඬුවම් කරන්න යැයි පැවසුවහොත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හත්පොළේම ගෑවෙන්නේය.මන්ද දැන් එතුමාගේ ජාතික ක්‍රීඩා සභාවේ වැඩිබුරම ඉන්නේ එම සිදුවීමට පක්ෂව සිටි එම පරිපාලනයේ ආශිර්වාදය ලත් රගර් ක්‍රීඩාවට සම්බන්ධ අයය.නාමලුත් නොකළ පරිදි රගර් ක්‍රීඩාවට සිය ජාතික ක්‍රීඩා සභාවේ වැඩි ඉඩක් වෙන් කර දෙමින්,නාමල්ට චෝදනා කළ සිඳුවීමට සම්බන්ධ පරිපාලනයේ විධයාක නිලධාරියාම ක්‍රිඩා අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිට පත් කරගෙන සිටින ගමන් කිව හැකි සීමාව ගැන ක්‍රීඩා ඇමතිවරයා දැන උන්නේය.ඒත් පාර්ලිමේන්තුවේ විපක්ෂය ඒ කිසිවක් දන්නේ නැත.
නාමල් රාජපක්ෂට තමන්ගේ උවමනාව වෙනුවෙන් විදේශිකයන්ව ක්‍රීඩා කරවපු එවකට සභාපතිවරයා ඇතුළු රගර් පරිපාලනය පවතින ව්‍යස්ථාව ඇතුළේ ප්‍රතික්ෂේප වෙද්දී නැවත ඔවුන්ට එම අවස්ථාව හිමි කර දීමට අවශ්‍යය විය.ඒ වන විට රගර් ව්‍යවස්ථාවේ බලය ඇති සමාජය පමණක් ප්‍රතික්ෂේප කළත්,එක අතකින් නාමල්ලාගේ ද,තවත් අතකින් ඊට ප්‍රති විරුද්ධ අන්තයක සිටියත් මලික් සමරවික්‍රමලා නියෝජනය කරන ඉහළ රගර් සමාජයේද ආශිර්වාද ඇතුව එම සිඳුවීමෙන් අනතුරුව පත් ක්‍රීඩා ඇමතිවරු,අමාත්‍යංශ ලේකම්වරු මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරු ද මේ වැරදිකරුවන්ට එරෙහිව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.
දැන් කියා ද වෙනස්ක නැති බව මේ ඡායාරූපයට අදාළ කතාව කියවා ගැනීමෙන් පැහැදිළි වනු ඇත.
නීතිමය වශයෙන් දඬුවමක්,තහනමක් ඇති නොවුණු නිසා එවකට සභාපතිව සිටි අසංග සෙනවිරත්න ආසියානු සභාපති වූ ආසියානු රගර් සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතා අතින් ආසියානු මට්ටමේ වගකීමක් ලබා ගත්තේය.එය ද පාදක කරගෙන නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා සිඳු කළේ ඔහුගේ අමාත්‍ය ධූරය කාලයේ යළිත් අසංග සෙනවිරත්න ශ්‍රී ලංකාවේ පරිපාලනයට සම්බන්ධ කරවීමේ අරමුණෙන් අසංගගේ හිතවත් ආසියානු සභාපතිවද හවුල් කරගෙන අසංග සභාපතිත්වය දරන උපදේශක කමිටුවක් පත් කිරීමය.
මෙයට බලයේ සිටි රගර් පරිපාලනය එකඟතාවයක් දැක් වූයේ නැත.මේ බිඳ වැටීමේ මුල එතැනය.
ඒ ආකාරයට ආසියානු සභාපති සමඟ එක්ව ශ්‍රි ලංකාවේ අනුග්‍රාහකයාව ආසියාවට පංගාර්තු කර ආසියානු තරගාවලියක් ද කර නාමල් එහි ප්‍රභූ චරිතයට ඇඳ ජය සංඛේත ප්‍රදානයට ද සහභාගි විය.එහිදී මේ නොහොබිනා ක්‍රීයාවන්වලට රටේ රගර් පරිපාලනයට පිටින් ක්‍රීඩා අමාත්‍යවරයා සම්බන්ධ කරගෙන වැඩ කිරීම සහ එයින් රටේ රගර් ක්‍රීඩාවේ අනන්‍යතාවයට වන හානිය සළකා ඒ මොහොතේ සභාපතිව සිටි රිස්ලි ඉල්ලියාස් ආසියානු සභාපතිට සිය පෞද්ගලික වට්ස්ඇප් අංකයෙන් ඔහුගේ පෞද්ගලික වට්ස්ඇප් අංකයට පණිවිඩ යවා දොස් කිව්වේය.එහිදි ලංකාවේ දේශපාලකයන්ගේ සහ අමාත්‍යංශ නිලධාරීන්ගේ ද ආශිර්වාදය ඇතුව ආසියානු සභාපතිට ශ්‍රී ලංකාවේ රගර්වලට සීමාය ඉක්මවා බලපෑමි කිරීමේ හැකියාව තහවුරු කරමින් ශ්‍රී ලංකා සභාපතිටද,ශ්‍රී ලංකාවේ රගර්වලට ද බලපෑම් කරන්න අවකාශ ලැබිණ.ඒවා තහනම් කිරීම්,බාධා කිරීම් පමණක් නොව තනතුරෙන් ඉවත් කිරීම දක්වා දුර ගියේය.
වත්මන් අමාත්‍යවරයා නාමල් රාජපක්ෂට පසුව සිටි ඇමතිවරුද ආසියාවට වඩාත් සමීපව කටයුතු කළත්,එම තත්ත්වයද ඉක්මවා සුවච කීකරු හැසිරීමක් පෙන්වමින් සිටියි.මේ ඡායාරූපය ඊට හොඳම නිදසුනක්ය.ඒ එහි සිටින චරිත මේ රටේ රගර් පංතියකට සහ කල්ලියකට යටත් කිරිමට නාමල් දැරූ උත්සාහයේ දී ඊට පක්ෂ වූ සහ එය අවශ්‍යය කළ කණ්ඩායමක් නියෝජනය කරන නිසාය.
එම කණ්ඩායමට ඇවැසි සේ රටේ රගර් හසුරුවන්නට ක්‍රීඩා අමාත්‍යවරයාගේ එකඟතාවය ඔහු සිය සමාජ ජාලා මාධ්‍ය හරහා ද කියා ඇත.
//අද ආසියානු රගර් සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතා අමාත්‍යාංශයේ දී මා හමුවුනා. ලංකාවේ රගර් සම්මේලනයේ ඇතිවි ඇති අර්බුදය ගැන සාකච්ඡා කල අතර එම ගැටලු විසඳා ලංකාවේ රගර් ක්‍රීඩාව නංවාලීමට උපරිම සහයෝගය දෙන බවට පැවසුවා. හෙට පැවැත්වෙන මැලේසියා ශ්‍රී ලංකා රගර් තරඟය සඳහා ඒ මහතා සම්බන්ධවීමට නියමිතයි.//
ඉහත ඇත්තේ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සිය ෆෙස්බුක් පිටුවේ තබා ඇති සටහනයි.
ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර,රටේ රගර් ව්‍යවස්ථාව වෙනස් කිරීමට ආසියාවේ බලපෑම් මත කටයුතු නොකර එය ව්‍යවස්ථානුකූල ලෙස පත්වන පරිපාලනයට පවරා අවශ්‍යය සංශෝධන කිරීමේ සාකච්ඡා ඔවුන් සමඟ වන එකඟතාවයකින් කරන්න යැයි නොකියා අමාත්‍යවරයා උත්සාහ කරමින් සිටින්නේ කුමක්ද?
ආසියානු සභාපතිට අවශ්‍යය පරිදි ඇමති නාමල්ලාට බැරි වූ උවමනවා ඉටු කරමින් සහ මලික් සමරවික්‍රමලා අපේක්ෂා කළ ආකාරයට රගර් පාලනය ක්‍රීඩා සමාජ කිහිපයකට බලය පැවරෙන් සේ ව්‍යවස්ථාව වෙනස් කර අමාත්‍යවරයාම නාමල්ව අවඥාවට ලක් කළ පවුම් 50000 සිඳුවීමේ වග උත්තරකරුවන් කළ යුතු පිරිසට අනුව රටේ රගර් හසුරුවන්නටය.මේ අශුද්ධ සංධානයේ බලය දේශපාලනිකව අමාත්‍යවරයාගේ උවමනාව වී ඇති බව ඔහුම කිහිප වරක්ම කියා ඇත.එසේම රාජ්‍ය නිලධාරි පංතියෙන් ඊට අවශ්‍යය සහය වෙනුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට ලක් වෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උත්සාහ කරමින් ඇත.ඔහු රොෂාන් රණෂිංහ සමයෙන් පටන්ගෙන,හරීන් ප්‍රනාන්දු දක්වා ද එම උත්සාහයේම නිරතව ඇත.
වත්මන් අමාත්‍යවරයා ඊට වඩා පහසු පරිසරයක් සකස් කර දෙමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පළමු ඉඟිය දෙන්නේ එම පරිපාලනයේම විධායක නිලධාරියාව ජාතික ක්‍රීඩා සභාවේ උපදේශක තනතුරට ගෙන එමින් එම උපදේශක සභාව රගර් මූලික උපදේශක සභාවක් කරමින්ය.
දැන් මේ ඛේදවාචකය නවත්න්නට ඇත්තේ රටේ නීතියට අනුව පවතින ව්‍යවස්ථාව අනුව නිලවරණය පැවත්වීමට අධිකරණයේ වූ එකඟතාවයන් පැහැර හරිමින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධිකරණයේ එකගතාවයකින් තොරව නිලවරණය කල් දැමීමට ගත් තීරණයට එල්ල වී තිබෙන අපහාස කිරීම සම්බන්ධ චෝදනාව විභාගයට ගැනීම හරහා ය.නීතියේ ස්වාධීනත්වය නොතිබුණානම් මේ වන විටත් රගර් පංතියක අයිතියක්ය.එත් එම පංතියේ නියෝජනයක්ව තිබුණු අවධියට වඩා පහසුවෙන් රාජ්‍ය දේශපාලනයේ බලපෑමක් ඇති කරවන්නට නාමල්ලාගේ සහ මලික්ලාගේ උවමනාවට වර්ථමානයේ හැකි වී තිබීම ක්‍රීඩාවේ පමණක් නොව,පොදුජනතාවගේ අයිතීන් සුරකින දේශපාලන ව්‍යාපාරයක් ලෙස ජාතික ජන බලවේගය වෙත විශ්වාසය පළ කළ පිරිසගේ පරමාර්ථ සිඳ දමන දේශපාලන ඛේදවාචකයක්ද වන්නේය.
