*
Saturday, April 19, 2025
spot_img

Latest Posts

ජීවත් වෙන්න මහ්ඟු සේවයක් සපයන “තයිරොයිඩ් ග්‍රන්ථිය”

රෂිකා හෙන්නායක

හෝමෝන නිපදවීම සහ ශ්‍රාවය කිරීම හරහා විවිධ ශාරීරික ක්‍රියාකාරකම් නියාමනය කරමින් ශරීර සෞඛ්‍ය සමබරව සහ නීරෝගීව පවත්වාගෙන යාම සඳහා දැවැන්ත කාර්‍යභාරයක් ඉටු කරන තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නෙ අපේ උගුරේ පිහිටා තිබෙන සමනල හැඩැති කුඩා ඉන්ද්‍රියක්.

ශරීරය විසින් ශක්තිය භාවිත කරන අන්දම නියාමනය කර එමඟින් පරිවෘත්තිය ක්‍රමවත් කිරීම,

හෘද සපන්දනය විශේෂයෙන්ම, විවේකි හෘද ස්පන්දනය, ආඝාත පරිමාව සහ හෘද ප්‍රතිදානය පාලනය කිරීම, 

ශරීර උෂ්ණත්වය පාලනය, 

ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සහ මොළයේ වර්ධනය, සම සහ අස්ථි නීරෝගීව පවත්වා ගැනීම

වැනි ඉතාම වැදගත් කර්තව්‍යයන් රාශියක් ඉටු කරන තයිරොයිඩ් ග්‍රන්ථියෙ නිසි ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන්න අපේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පුරුදු, ආතතිය වැනි මානසික අස්ථාවර වීම්, ව්‍යායාම හිඟවීම, හෝමෝන අසමතුලිතතා සහ වැරදි ජීවන රටාව බලපාන්න පුළුවන් කියල පර්‍යේෂකයන් සඳහන් කරනවා.

තයිරොයිඩ් ග්‍රන්ථියෙ රැකවරණය සඳහා වැදගත් වන කාරණා කිහිපයක් බලපානු ඇත.

සමබර ආහාර වේලක්

පෝෂණ ආහාර වේලක් මුළු ශරීරයටම වගේම තයිරොයිඩ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව පවත්වා ගන්නත් ඉතාම වැදගත්.ඊට අමතර අයඩින් අඩංගු මුහුදු මාළු, කිරි ආශ්‍රිත නිෂ්පාදන, අයඩින් සහිත ලුණු සෙලිනියම් අඩංගු ඇට වර්ග සහ බීජ වගේම සින්ක් අඩංගු සම්පූර්ණ ධාන්‍ය වගේ ආහාරත් අපේ එදිනෙදා ආහාර වේලට එකතු කර ගැනීම ඉතාම වැදගත්.

සැකසූ ආහාර වලින් ඈත්වෙන්න

සොසේජස්, මීට්බෝල්ස්, ගැඹුරු තෙලේ බඳින ලද ආහාර, පාන්, බනිස්, බර්ගර්, පීසා වගේ ක්ෂණික ආහාර, අධික මේදය වගේම ප්‍රමාණය ඉක්මවා සිනී අඩංගු වූ ආහාර වලටත් තයිරොයිඩ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන්න තියෙන හැකියාව වැඩි නිසා එවැනි ආහාර ඔබේ ආහාර වේලෙන් හැකිතරම් ඈත්කර තබාගන්නත් ඔබ සැළකිලිමත් විය යුතුමයි.

ඕනෑවට වඩා අයඩින්වත් එපා

තයිරොයිඩ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගෙන යන්න අයඩින් අත්‍යාවශ්‍යයි වගේම උවමනා ප්‍රමාණය ඉක්මවා අයඩින් ගැනීමත් තයිරෙයිඩ ග්‍රන්ථියේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වයට බාධා ඇතිකරන්න පුළුවන්.ඒ නිසා ඔබ ලබාගන්නා අයඩින් ප්‍රමාණය ගැන සැළකිලිමත් වීම සහ පාලනය අතිශයින්ම වැදගත්බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි.

ආතතිය පාලනය කරගන්න

මානසික අස්ථාවර වීම් තයිරොයිඩ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත් ලෙස පවත්වාගෙන යන්න බාධා ඇති කරනව කියල අපි මේ ලිපියේ මුලින්ම සඳහන් කරා ඔබට මතක ඇතිනෙ.ඔබට මානසික අස්ථාවර වීම් ඇති බව හැඟෙනව නම්, අවශ්‍ය වෛද්‍ය සහ උපදේශන සහය ලබා ගැනීමත්, යෝගා අභ්‍යාස, භාවනා, ගැඹුරු ආශ්වාස ප්‍රාශ්වාස අභ්‍යාස සහ වෙනත් ඔබ කැමති මනස සැහැල්ලු කරවන විනෝදාංශ වලට අවධානය යොමු කර හැකිතරම් ඔබේ මනස නීරෝගීව තබාගන්නත් ඔබ ක්‍රියා කල යුතුමයි.

නිතිපතා ව්‍යායාම කරන්න

නිතිපතා කරන ශාරීරික අභ්‍යාස පරිවෘත්තීය ක්‍රියකාරීත්වය වැඩි කරන්නත්, හෝමෝන ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරන්නත් ඔබට උදව් වෙනවා.තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගන්න ශරීරයේ නම්‍යශීලී බව, හෘද ක්‍රියාකාරීත්වය සහ ශක්තිය ඇති කිරීම සමබරව ඉලක්ක වන පරිදි ඔබේ ව්‍යායාම සැකසුම සකස් කරගැනීම වඩා ප්‍රතිඵලදායක බවත් පර්‍යේෂකයන් සඳහන් කරනවා. 

හොඳට නිදාගන්න

දවස පුරා වෙහෙසට පත්වූ අපේ ශරීරයේ සියළුම ඉන්ද්‍රයන් වලට අවශ්‍ය විවේකය ලබාගන්න සුවපහසු නින්දක් ලැබීම අනිවාර්‍ය කාරණාවක්.ක්‍රමවත් සුවදායී පැය 07 ත් 08 ත් අතර නින්දකට පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කිරීමටත්, හෝමෝන නිපදවීමටත් ඉහළ හැකියාවක් තිබෙනවා.

පරිසර දූෂක වලින් ඈත්වෙන්න 

ඔබ අවට පරිසරයේ වාතය දූෂණය වී ඇත්නම්, ඔබ රසායන ද්‍රව්‍ය, ලෝහ, රබර් වැනි දේ ආශ්‍රිතව නිතරම ගැවසෙනව නම් ඔබ අවට පරිසරය ඔබේ සිරුරට සුවදායී නොවෙන්න පුළුවන්.ඒ නිසා පිරිසිදු වාතය සහ ජලය ලැබෙන පරිදි ඔබේ වටපිටාව සකසා ගැනීම ඉතාම වැදගත්.

පරීක්ෂාවන් හරියට කරන්න

තෙහෙට්ටුව, ශරීරයෙ බර වෙනස්වීම, එක්වරම අධික දුක සතුට ඇතුළු වෙනස් මුහුණුවර ලැබීම වගේ ලක්ෂණ වලට හේතුව තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි පරිදි ක්‍රියා නොකිරීම වෙන්න පුළුවන්.ඒ නිසා ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගන්නත් නියමිත කාල සීමාවන් වලදී නිර්දේශිත පරීක්ෂාවන් කර ගැනීමත් අනිවාර්‍ය බව අපි ඔබට මතක් කරන්න කැමතියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan