නිශ්මං රණසිංහ අප්‍රේල් 19 කොළඹ LNW :
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම තව සුළු වේලාවකින් ආසියානු කළාපයේ රගර් කණ්ඩායම් හතර අතර රැදිමේ අරමුණෙන් මැලෙසියාවට එරෙහිව තරග වැදීමට සූදානම්ය.එම තරගය ගැන හිරු මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජාතික කණ්ඩායමේ පුහුණුකරු ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාව නඩත්තු කිරීම සඳහා අවශ්‍යය කරන යහපත් වැඩ පිළිවෙලක අවශ්‍යයතාවය මතු කර පෙන්විය.
ලෝක මට්ටමට යන්න නිකං බැහැ යනුවෙන් මේ වන විට රගර් ක්‍රීඩකයින් කිසිඳු වැටුපක් පහසුකමක් නැතුව ක්‍රීඩා කිරීමත්,පුහුණුකරුවන් ලෙස නොමිළෙ පුහුණු කටයුතු කිරීමත් උදාහරණයට ගෙන ඔහු පෙන්වා දුන්නේය.
“මේ ප්ලේයර්ස්ලා කන්නෙ බොන්නෙ කොහොමද?මේ ප්ලේයර්ස්ලගේ මාසික ආදායම මොකද්ද “ යනුවෙන් ප්‍රශ්න කළ සනත් මාටිස් පොඩි වැඩ සටහන් හරහා ලෝක කුසලානය දක්වා යන්න අපහසු බව කීවේය.කාලය අඩුවීම මෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ හිඟවීමත් සමඟ එන අර්බූදයට පිලිතුරු සොයමින් කළ හැකි සියලු දේම කළ ඇති බව පැවසූ සනත් මාටිස් ඔහුගේ භාෂාවෙන් ක්‍රීඩකයන්ට “ඒ අයටත් ඇත්තේ අත් දෙකයි කකුල් දෙකයි ඔයාලටත් එහෙමයි ඒ අයට වැඩිය හොඳින් ඔයාල ඒක මෙහෙයවිය යුතුයි“ යනුවෙන් පැවසූ බව කීය.
ඔහු විදේශ කණ්ඩායම් සමග තරග කර දැන් ශ්‍රී ලංකාවට හුරු බව ද කීවේය. පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලට පෙර සිට වෙනම වැඩ සටහනක් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම රඳවා සිඳු කළ මෙහෙයුම මත එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඕල්ඩ් බ්ලැක්ස් කණ්ඩායමට එරෙහිව ද උත්සාහ දිණුම් ලබා ගත් අතර මාටිස් එම අවස්ථාවද ෆීජි කණ්ඩායමට එරෙහිව දස්කම් දක්වා ලකුණු ලැබූ අවස්ථාවද සිහිපත් කරමින් ශ්‍රි ලංකාවට මැලේසියාවට එරෙහිව තරග කරන්නට ඇති හැකියාව ගැන සිහිපත් කළේය.
නායක නයිජල් ප්‍රනාන්දු ද පැවසුවේ තමන්ගේ කණ්ඩායම සතුය ඇති තරග සැළසුම නිවැරදිව ක්‍රියාවට නඟන්නට අවස්ථාව පැමිණියහොත් මැලේසියාවට පහසු නොවන බවය.
සනත් මාටිස් දක්වන අදහස් කෙරෙහි රගර් ක්‍රීඩාව ඇති වි තත්ත්වයට වගකිව යුුතු පාර්ශව සමග දීග කන්නට උත්සාහ කරමින් සිටින ක්‍රීඩාවේ දේශපාලනය අවධානය යොමු කළ යුතුය.නොමිළේ ක්‍රීඩා කරන පුහුණු කරන පිරිසගේ දහදියට නිසි අගයක් නොලැබෙන සේ රටට ලැබෙන්නට නියමිත අධාර පවුම් 5000 ක් රටට වාර්ශිකව බලධාරීන්ගේ වැරදි තීරණ නිසා අහිමි වෙනවා පමණක් නොවේය.තවමත් ණය වූ හැටි ඔප්පු කළ නොහැකි මිලියන 55 ක මුදලක් ද රගර් ක්‍රීඩාවට ණය ලෙස ඇත.මේ තත්ත්වය තව දුරටත් වැඩි වී ඇද්ද යන්න ගැන සැක සිතෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩි වෙහෙසක් දරා පවතින රගර් ව්‍යවවස්ථාව වෙනස් කර ඒ කණ්ඩායම්වලට රගර්වල පරිපාලන බලය අත් කර දීමට දරන උත්සාහය නිසාය.මේ මොහොතේ රගර් වෙනුවෙන් වන වියදම්වල වගකිම පැවරෙන නිසි බලධාරියා ඔහුය.
මේ දහසක් ගැටළු මැද සිය අඹු දරුවන් පවා දෙවැනි කොට රටේ රගර් ක්‍රීඩාවට ජයග්‍රහණය ගෙන එන්නට පිටියට බසින ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අපි හදවතින්ම සුබ පතමුූ!
