”මගෙන් අහන්න දෙයක් නෑ.වත්මන් නීතිපතිගෙන් අහන්න” – හිටපු නීතිපතිගෙන් TID යට නෛතික විරෝධතාවක්!(VIDEO)

Date:

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු නීතිපති ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (19) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණු අතර අද දින ඊට එරෙහිව නෛතික විරෝධතාවක් ගොණු කිරීමට හිටපු නීතිපතිවරයා කටයුතු කර තිබුණි.

නීතිඥ දිමිත්‍ර අබේසේකර මහතා විසින් එය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අද ඉදිරිපත් කරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීමක්ද සිදුකරන ලදී.

දප්පුල ද ලිවේරා මහතා නීතිපති ලෙස කටයුතු කරන සමයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනයන්ට අදාළව සාධනීය මැදිහත්වීමක් සිදුනොකරන බවට ඇතැම් මාධ්‍ය මඟින් චෝදනා එල්ල කළද ඒ සම්බන්ධ පිටු 130ක ලිපියක උපදෙස් ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමුකර තිබුණු බවත් ඒ ගැන සාධනීය පියවරක් ගෙන ඇත්ද යන්න වත්මන් නීතිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් විමසීමක් කළ හැකි බවයි දිමිත්‍ර අබේසේකර මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...