රිලව් අපනයනය ගැන චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර , රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා කළ ඉල්ලීමක් පිළිබඳ කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවද චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

චීනයට වන සතුන්, ශාක අපනයනය කිරීමේදී මෙන්ම චීනයෙන් වන සතුන්, ශාක ආනයනය කිරීමේදී අධීක්ෂණ සහ කළමනාකරණ කටයුතු පිළිබඳ වගකීම පැවැරෙන ආයතනය වන්නේ චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකක යයි. එම ඒකකයේ අවසරයකින් තොරව වන සතුන් හෝ ශාක චීනයෙන් ආනයනය කිරීමට හෝ චීනයට අපනයනය කළ නොහැක.

චීනයේ පුද්ගලික සමාගමකට වඳවීමේ තර්ජනයට ලක් වී ඇති රිලව් ලක්ෂයක් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාව අපනයනය කිරීමට සුදානම් වන බවට දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය වල පළවූ වැරදි වාර්තා මෙන්ම කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදු කළ පැහැදිලි කිරීම පිළිබඳවද චීන තානාපති කාර්යාලයේ අවධානය යොමු වීම හේතුවෙන් බෙයිජිං හි පිහිටි චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකයෙන් චීන තානාපති කාර්යාලය මෙම විමසීම සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...