ලංවිම ප්‍රතිව්‍යුහගත කීරීමට විදුලි ඉංජිනේරුවන්ගේත් සහය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කැබිනට් අනුමැතිය හිමිවූ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කීරීමේ මාර්ග සිතියම සහ යෝජිත කාලරාමුව සම්බන්ධයෙන් සියලුම පාර්ශ්ව දැනුවත් කිරීමට, විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන ඇති බවත් , ඒ සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවද එක්ව සිටින බවත් සඳහන් වේ.

ඒ අනුව අද (19) උදෑසන විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය, අමාත්‍යවරයා සහ කමිටුව අතර සාකච්ඡාවක් පවත්වා ඇති අතර , එහිදී මෙම යෝජිත ක්‍රියාවලිය වෙනුවෙන් ඔවුන්ගේ සම්පුර්ණ සහය ලබාදීමට කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය පවසා ඇති බව සඳහන්ය.

එමෙන්ම එම ක්‍රියාවලිය වේගවත් කරන ලෙසට ද ඔවුන් ඉල්ලීමක් කර තිබේ.

මීට අමතරව අමාත්‍යංශය සඳහන් කලේ වර්තමාන සේවයේ යෙදීසිටින නිලධාරීන් ඔවුන්ගේ පාරිතෝෂික දීමනා, විශ්‍රාම වැටුප් පිළිබඳව, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සහ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව යෝජනා ඉදිරිපත් කළ බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවකට මඟ පෑදූ මිනසෝටා ජාවාරම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ඩො. මි. 44ක...

හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකගේත් වැඩ තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ (HQI)...