*
Friday, May 3, 2024
spot_img

Latest Posts

උදෑසන DAILY NEWS @8! (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20, කොළඹ (LNW):

~ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී අද ආරම්භ කෙරිණි.

~ ”පොහොසත් ගමක් – පොහොසත් රටක් ” සංකල්පය ඔස්සේ ජාතික ආර්ථිකයේ දියුණුව සඳහා ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් ක්‍රියාවට නැංවෙන මෙරට ප්‍රථම සහ එකම බහුකාර්ය අඛණ්ඩ වැඩපිළිවෙල වන ඩිපි අනාගත නියමු ව්‍යාපෘතියෙහි දෙවැන්න අකුරණ අලවතුගොඩ කොණකගල දී ඩිපි එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා විසින් විවෘත කෙරුණි.

~ වසර පහක් ඉටු නොවුණු යුක්තිය තමන්ගේ ප්‍රකාශයක් ගැනීමට කැඳවීම හරහා ඉටුවෙනු ඇතැයි විශ්වාසයක් නොමැති බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන ප්‍රධානී “ඥානාර්ථ ප්‍රදීපය“ කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා පැවසූහ.

~ අද නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම්, චන්ද්‍රසේන මහතා පවසා සිටියේ, මැද පිළිවෙත අනුගමනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියටම යන පක්ෂයක් බවත්, ගොවි ජනතාවට, කම්කරු ජනතාවට ප්‍රමුඛතාවය ලබා දෙමින් මැයි දිනය පවත්වන බවයි.

~ අද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී වතු කම්කරුවන් දහසකගේ සහභාගිත්වයෙන් විරෝධතාවක් සංවිධානය කර තිබිණ.

~ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බදවා ගැනීම සදහා පසුගිය වසරේ පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරිණි.

~ යන්නට අවැසි තැන..සිත සිතා නොසිට.. විදුලි වේගයෙන්..යන්නම ගිය තෙවරප්පෙරුම ඔබට සුබ ගමන්!

~ ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට ද සහය දක්වන බවත්, මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට සහය දැක්වීමට කටයුතු කරන බවත්, ලෝක බැංකුවේ පෞද්ගලික අංශයට සේවා සපයන ආයතනය වන ජාත්‍යන්තර මුල්‍ය සමායතනයෙහි කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි පවසයි.

~ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දින වකවානු වෙනස් කළ නොහැකි වුවද ඒ මැදට මහ මැතිවරණයක් ගෙන ඒමේ ඉඩ තවදුරටත් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

~ සිංහළ හින්දු අලුත් අවුරුදු සමයේ පාරිභෝගික පනත උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරිකයන් 86 දෙනෙකුට නඩු පැවරීමට මහනුවර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු යොදා තිබේ.

~ ලොව විශාලතම මහ මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ පළමු අදියර අදින් ආරම්භ වෙයි.

~ රුසියා ප්‍රහාර දෙකකින් යුක්රේනයේ ළමයින් පස් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය ගොස් තිබෙන අතර, මෙම ප්‍රහාරවලින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

~ හෙළිකොප්ටර් අනතුරකින් කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා ජීවිතක්ෂයට

~ කෙන්යාවේ වෛද්‍යවරු වැඩ වර්ජනයක; රෝහල් නිහඬ පිළිවෙතක් ගෙන යයි! කෙන්යාවේ අගනුවර වන නයිරෝබි නගරයට පිටතින් පිහිටි කිහාරා 4 වන මට්ටමේ රෝහලේ කම්කරු වාට්ටුවේ බොහෝ ඇඳන් හිස් ව පවතින බවට වාර්තා වෙයි.

එක්වන්න අපගේ දේශීය පුවත් විස්තරය සමඟින්~

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan