ඊශ්‍රායලයේ ගැටුම් එරට ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20, කොළඹ (LNW): ඊශ්‍රායලයේ උතුරු  කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වන බවත්, ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වැඩි ශ්‍රී ලාංකිකයින් පිරිස එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බවත්,15% ක් පමණ කෘෂිකර්ම  වැඩබිම්වල සේවය කරන බවද, 15% ක් පමණ කෘෂිකර්ම  වැඩබිම්වල සේවය කරන බවද,  ඔහු සඳහන් කළේය. ඉතිරි පිරිස  ඉදිකිරීම් හා වෙනත් අංශවල සේවයේ දී සිටින බවද පැවසේ.

තවත් ශ්‍රී ලාංකික පිරිසක්  නව ස්ථානවලට ගොස් ඇති බවත්, ඔවුන් කිසිවකුත් ගැන ගැටලුවක් ඇති නොවන බව තානාපතිවරයා තහවුරු කළ බව පැවසේ.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන බවත්, පවතින තත්ත්වය මත ගැටලුකාරී පසුබිමකට මුහුණ දෙන පුද්ගලයින් ඇත්නම් තානාපති කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙසද දන්වා සිටී.

ශ්‍රී ලංකාවේ සිට යුරෝපයට  ගමන් ගන්නා බොහෝ ගුවන් ගමන් ඊශ්‍රායල් කලාපය හරහා ගමන් ගන්න බැවින් , නිරන්තරයෙන් ගුවන් ගමන් වෙනස්වීම් හා ආරක්ෂක හේතු මත ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවද දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම මූල්‍ය ප්‍රතිපත්ති තීරණය! 

රෂිකා හෙන්නායක ජනවාරි 28, කොළඹ LNW : 2026 ජනවාරි මස...

සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු...

තවමත් ආලෝකයක් නොලද ජනවාරියේ “Who is Lasantha” ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් මුහුණපා ඇති සියලු ආකාරයේ අපරාධයන්ට...

හිටපු ජනපති රනිල්ට එරෙහි නඩුව අද යළි කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව...