දැවී හළුව ගිය කළු ඉරිදාවක් වූ පාස්කු ප්‍රහාරයට හෙටට වසර 05ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20, කොළඹ (LNW):ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැඟිටීම සමරන පාස්කු ඉරිදාව ගිනිගෙන දැවී හළු වූ පාස්කු ඉරිදාවක් වී හෙටට (21) වසර පහක් සම්පූර්ණ වනු ඇත.

එදා වූ එම ඛේදනීය සිදුවීමෙන් මෙරට දේවස්ථාන තුනක සහ හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිනිස් ජීවිත 270කට ආසන්න සංඛ්‍යාවක් මරු තුරුලට ගියහ. පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.

තම ආදරණීයයන් නැවතත් තමා අභියසට එනතුරු සිහින දකින අසරණ දරු පිරිසක්ද, දරුවන් අහිමිවූ දෙමාපියන් තවමත් කදුළු මතින් ජීවිතය ගෙනයන්නට උත්සහකරමින් සිටින දුක්බර දසුන් තවමත් පාස්කුවේ අඳුරු සෙවනැළි මත ඉතිරිව ඇත.

මේ දුක්බර දිනයට වසර පහක් ගතවීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී විවිධ ආගමික නායකයන් කැඳවා විශේෂිත උළෙලක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙහිදී එම බෝම්බය පිපිරුණ උදෑසන 8.45ට විනාඩි දෙකක නිහඬතාවයක් ද සිදුකිරීමට උත්සව කමිටුව තීරණය කර ඇති බව සඳහන් වන අතර, ඉන් අනතුරුව දේව මෙහෙය සිදුකිරීමට නියමිත බව පැවසේ.

තවද, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර තුළ විශේෂ දේව මෙහෙයන් සිදුකර මළවුන් සිහිපත් කරන අතර මඩකලපුව දෙව්මැඳුරේදීත් විශේෂ දේව මෙහෙයයන් සිදු කිරීමට නියමිතව තිබෙන බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...