දැවී හළුව ගිය කළු ඉරිදාවක් වූ පාස්කු ප්‍රහාරයට හෙටට වසර 05ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 20, කොළඹ (LNW):ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් නැඟිටීම සමරන පාස්කු ඉරිදාව ගිනිගෙන දැවී හළු වූ පාස්කු ඉරිදාවක් වී හෙටට (21) වසර පහක් සම්පූර්ණ වනු ඇත.

එදා වූ එම ඛේදනීය සිදුවීමෙන් මෙරට දේවස්ථාන තුනක සහ හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මිනිස් ජීවිත 270කට ආසන්න සංඛ්‍යාවක් මරු තුරුලට ගියහ. පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.

තම ආදරණීයයන් නැවතත් තමා අභියසට එනතුරු සිහින දකින අසරණ දරු පිරිසක්ද, දරුවන් අහිමිවූ දෙමාපියන් තවමත් කදුළු මතින් ජීවිතය ගෙනයන්නට උත්සහකරමින් සිටින දුක්බර දසුන් තවමත් පාස්කුවේ අඳුරු සෙවනැළි මත ඉතිරිව ඇත.

මේ දුක්බර දිනයට වසර පහක් ගතවීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී විවිධ ආගමික නායකයන් කැඳවා විශේෂිත උළෙලක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙහිදී එම බෝම්බය පිපිරුණ උදෑසන 8.45ට විනාඩි දෙකක නිහඬතාවයක් ද සිදුකිරීමට උත්සව කමිටුව තීරණය කර ඇති බව සඳහන් වන අතර, ඉන් අනතුරුව දේව මෙහෙය සිදුකිරීමට නියමිත බව පැවසේ.

තවද, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර තුළ විශේෂ දේව මෙහෙයන් සිදුකර මළවුන් සිහිපත් කරන අතර මඩකලපුව දෙව්මැඳුරේදීත් විශේෂ දේව මෙහෙයයන් සිදු කිරීමට නියමිතව තිබෙන බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...