ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ඉහළ ප්‍රමාණයක් දකුණු චීනය අපනයනය කිරීම සම්බන්ධයෙන් පවත්නා අපේක්ෂා

Date:

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ග්වැන්ෂුහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සමඟ එක්ව, අප්‍රේල් 6 සහ 7යන දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මැණික් හා ස්වර්ණාභරණ සමාගම් පහක් වන බියුටි ජෙම්ස්, ජෙම් පැරඩයිස්, ප්‍රිසිෂන් ලැපිඩරීස්, සැම් ජෙම්ස් සහ එන්ජෙලෝ ජෙම්ස් යන සමාගම් මෙන්ම, හයිනාන් පළාතේ තීරුබදු රහිත අංශයේ ප්‍රමුඛ පෙළේ චීන සමාගම් දෙකක් වන චයිනා ඩියුටි ෆ්‍රී සමූහ සමාගම සහ එම්/එස් හයිනාන් පළාතේ දියමන්ති සහ ස්වර්ණාභරණ පුද්ගලික සමාගම අතර අතථ්‍ය ව්‍යාපාරාන්තර රැස්වීම් සංවිධානය කළේ ය.

ශ්‍රී ලංකාව මැණික් නිධිවලින් පොහොසත් රටක් වන බවත්, දැනට ඉන් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සියයට 20ක් පමණක් වන බවත් ගුවැන්ෂුහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය ප්‍රකාශ කළාය. ලංකා නිල්මැණික් ඇතුළු වටිනා ගල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශ්වාසදායක සැපයුම්කරුවෙකු වනබවත් එතුමිය මෙහිදී ප්‍රකාශ කළාය. අවසාන ප්‍රතිඵලයක් අපේක්ෂා කරන අතරතුර, විකිණීම සහ මිලදී ගැනීම සඳහා ඵලදායී ලෙස නිරතවන ලෙස එතුමිය දෙපාර්ශ්වය දිරිමත් කළාය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩ බලන අධ්‍යක්ෂ මනෝජා දිසානායක මහත්මිය සහ අපනයන ප්‍රවර්ධන නිලධාරී ඩිල්ෂා ද අල්විස් මහත්මිය ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශය පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදු කළහ.

මෙම ඉදිරිපත් කිරීමෙන් පසුව පවත්වන ලද ව්‍යාපාරාන්තර රැස්වීම්,අනාගත ගැනුම්කරුවන් සහ සැපයුම්කරුවන් අතර තොරතුරු හුවමාරු කරගැනීමට සහ මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාමේ අනාගත හවුල්කාරිත්වයන් අපේක්ෂා කිරීම සම්බන්ධයෙන් නිර්මාණාත්මක සහ විචිත්‍රවත් මැදිහත්වීම් ගොඩනැගීම සඳහා වේදිකාවක් සැපයීම සඳහා ඉවහල් විය.

ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය

ග්වැන්ෂු

2022 අප්‍රේල් 19 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...