දිල්ලිය නොසන්සුන්

Date:

පසුගිය සෙනසුරාදා දිල්ලියේ ජහන්ගීර්පූරි හි ආගමික පෙරහැරක් හේතුවෙන් ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩත්වය නිසා පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

හින්දු ආගමික සංවිධානවල සාමාජිකයින් ඇතුළු බොහෝ පිරිසක් හින්දු දෙවියෙකු වන හනුමාන් ගේ උපන් දිනය සැමරීම සඳහා සංස්කීතික පෙරහැරකට එක් විමෙන් පසුව මෙම තත්වය හට ගෙන තිබේ.මෙම ආගමික පාගමන මුස්ලිම් පල්ලියක් පසුකර ගිය අතර, ප්‍රචණ්ඩත්වය අවුලුවාලමින් ගල් ප්‍රහාර එල්ල වි තිබේ.

දෙපාර්ශවයම ඔවුනොවුන් චෝදනා එල්ල කරන අතර, පාගමනට පැමිණි පිරිස් පවසන්නේ මුස්ලිම්වරුන් විසින් මෙම ප්‍රහාරය සිදුකල බවත්ය.මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන මුස්ලිම්වරු සඳහන් කරන්නේ, හින්දු භක්තිකයන් පල්ලිය අසල ප්‍රකෝපකාරී සටන් පාඨ කියමින් බහින් බස් වූ බවයි.බාලවයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 23 දෙනෙකු දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ කෙසේද යන්න පිළිබඳව පොලිස් අපරාධ විමර්ශන අංශය තවමත් පරීක්ෂණ පවත්වයි.

මෙවැනි සිදු වීමක් නිසා 2020 දී මිනිසුන් 50 කට වැඩි සංඛ්‍යාවක්, කෝලාහලයන්ගෙන් දිල්ලියේදී ඝාතනයට ලක් විය.ජහන්ගිර්පූරි සිද්ධියප පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිහඬතාවය ගැන කනස්සල්ල පල කරමින් විපක්ෂ පක්ෂ 13ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

මෝදිගේ හින්දු ජාතිකවාදී රජය බලයට පත් වූ 2014 සිට ඉන්දියාවේ ආගමික වාර්ගීක ගැටුම් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම ආගමික උත්සව, වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන් වැඩි ස්ථාන බවට පත්ව ඇත.

OUTBOUNDTODAY – SAHAN HEWAGAMAGE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...