ඉන්ධන බෙදාහැරීමට යුද හමුදාවේ සහ පොලිස් ආරක්ෂාව ඉල්ලයි!

Date:

රඹුක්කන ප්‍රදේශයේදී ඊයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමට සම්බන්ධ ඉන්ධන රැගත් බවුසරය සම්බන්ධයෙන් මතුව තිබෙන විවාදාත්මක කාරණය ගැන අද (20) පාර්ලිමේන්තුවේදී බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අදහස් දක්වා සිටියේය.

එය කිසිලෙසකින්වත් තෙල් මිල අඩුවෙන් පැවති මොහොතේ මුතුරාජවෙල පර්යන්තයෙන් පිටව ගොස් සඟවා ගෙන සිට ඊයේ දින රඹුක්කන ප්‍රදේශය පැමිණි බවුසරයක් නොවන අතර එය ඊයේ උදෑසන 08.20ට පමණ මුතුරාජවෙල පර්යන්තයෙන් පිටව ගොස් 11.20 පමණ වනවිට රඹුක්කන ප්‍රදේශයට ගොස් ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් මේ වන විට පවතින තත්ත්වය අනුව ඉන්ධන සැපයුම් ජාලය අවදානමකින් තොරව කරගෙන යාම සඳහා පොලීසියේ සහ හමුදාවේ ආරක්ෂාව ඉල්ලා තිබෙන බවද ඔහු කියා සිටියේය.

”LX 2735 කියන බවුසර් එක ඊයේ උදේ 08.20ට තමයි මුතුරාජවෙල පර්යන්තයෙන් පිටත් වෙන්නේ. ඒක පිටත් වෙන්නේ රඹුක්කන සමූපකාරයට විතරක් නෙවෙයි තවත් අලෙවි සල් තුනකට.ඒ නිසා කිසිම විදිහකින් මේක තෙල් අඩු වෙලාවේ පටවා ගෙන ගිහිල්ලා හංගගෙන ගිය එකක් නෙවෙයි. 08.20ට පිටත් වෙච්ච එක 11.20ට තමයි රඹුක්කනට ළඟා වෙන්නේ. 11.20ට තමයි රඹුක්කන දී ජනතාව පාර අවහිර කරලා මේ කටයුත්ත කරන්නේ. අපි ඉල්ලනවා ඔබතුමන්ලාගෙන් මේක කඩාකප්පල් කරන්න එපා මේ සැපයුම් ජාලය. විශේෂයෙන් බවුසර් 534ක් ඊයේ ආවා. අද වෙනකොට ඇවිල්ල තියෙන්නේ බවුසර් 46යි. බවුසර් වල රියදුරන්ට එම හිමිකරුවන්ට ජීවිත පිළිබඳ යම්කිසි සැකයක් ඇතිවෙලා තියෙනවා. අපි යුද හමුදාවෙන් සහ පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලලා තියෙනවා. අපි මේ වෙලාවේ කියනවා අවශ්‍ය තරම් ඉන්ධන අපිට තියෙනවා. ඉන්ධන සැපයුම ඊයේ දවසේ හරි යථාතත්ත්වයට පත්කරන්න තිබුණා. අපි ආරක්ෂාව ඉල්ලනවා ගරු කථානයකතුමනි,ඔබතුමා මැදිහත්වෙන්න විශේෂයෙන් මේ බවුසර් වලට,තෙල් ප්‍රවාහනය කරන දුම්රිය මැදිරිවලට ඒ අවශ්‍ය ආරක්ෂාව සහ පහසුකම දෙන්න. නැත්නම් අදත් හෙටත් අනිද්දාත් කියන දවස් තුනට කිසිම ආකාරයකින් තෙල් බෙදා දීමේ කටයුත්ත කරන්න බැහැ. ප්‍රමාණවත් තරම් තෙල් තොග තියෙනවා. අද දවසෙත් නැවක් ආවා.ඊයේ දවසෙත් නැවක් ගොඩබෑවා.ඉදිරි දින 10 සඳහා සම්පූර්ණ තොග අපි ගාව තියෙනවා. ඩීසල් ඉදිරි දින 14ක් දක්වා තියෙනවා. ඒ නිසා කිසිම ආකාරයකින් ඉන්ධන හිඟයක් ඇතිවෙන්න තියන්නේ නැහැ. ඒ වගේම විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොගත් අපි නිකුත් කරලා තියෙනවා. බෙදා හැරීමේ අර්බුදයක් තියෙනවා. බෙදාහැරිම යම් බාධාවක් වෙලා තියෙනවා.”

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ අදාළ බවුසර් රථය ඊයේ උදෑසන 08.20ට පිටව ගිය එකක් නම් ඊට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසයි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ පොලිස් පරීක්ෂණ වලට අවශ්‍ය ආකාරයට අදාළ CCTV දර්ශන ලබා දීමේ හැකියාව පවතින බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...