සොලමන් දූපත් නව චීන ගිවිසුම ඕස්ට්‍රේලියාව සසල කරයි

Date:

චීනය සොලමන් දූපත් සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් ජනපදය පැසිෆික් කලාපයේ ආරක්ෂාව පිළිබඳ සිය කනස්සල්ල පළ කර තිබේ.

පැසිෆික් හි නාවික කඳවුරක් ගොඩනැගීමට චීනය උත්සාහ කරනු ඇතැයි යන සැකය මේ සමග දෙගුණ තෙගුණ වී තිබේ.

එකී ගිවිසුම මේ සතියේ අත්සන් කරන්නට විය.මෙම ගනුදෙනුව නැවැත්වීමට ඕස්ට්‍රේලියාව විසින් සොලමන් දුපත් වෙත විශාල මට්ටමේ ආධාර ලබා දීමට උත්සාහය කලත් සොලමන් දූපත් විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.

සොලමන් දුපත් හි අග්‍රාමාත්‍ය Manasseh Sogavare ප්‍රකාශ කළේ මෙම ගිවිසුම කලාපයේ “සාමය සහ සහජීවනයට හානි නොවන” බවයි.

මෙම ගිවිසුම සාම්ප්‍රදායික මිත්‍ර පාක්ෂිකයින් ඉලක්ක කර ගෙන නොව “අපගේම අභ්‍යන්තර ආරක්‍ෂක තත්ත්වය” ඉලක්ක කරගත් එකක් බව සොලමන් හි නායකයා වැඩිදුරටත් පැවසීය.

මෑත වසරවලදී සිට සොලමන් හි දූපත් සමාජ නොසන්සුන්තාවයෙන් පිරී ඇති අතර පසුගිය නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු රජය විසින් හොනියාරා අගනුවර මාරාන්තික කෝලාහල මැඩපැවැත්වීම සඳහා සිය ආරක්ෂක හමුදාවන්හි පිරිස් යවන ලදී.

සොලමන් දූපත් චීනය සමඟ ආරක්ෂක ගිවිසුමක් කෙටුම්පත් කරන බව පසුගිය මස මුලදී තහවුරු කර තිබුණි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...