පොලිසියේ වාර්තාව අධිකරණය පිළිනොගනී. ස්ථානීය පරීක්ෂණය දිගටම … (PHOTOS)

Date:

ඊයේ (19) දිනයේදී රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය අදාළ නිලධාරීන් සමග අද පස්වරු 02.00 පමණ සිට සවස් වනතුරුම ස්ථානීය පරීක්ෂාව සිදුකරමින් සිටින අතර රඹුක්කන ඉන්ධන පිරවුම්හලට කිලෝමීටර් බාගයක් පමණ දුරිනුත් වැටී තිබුණු ලේ පැල්ලම් ප්‍රදේශවාසීන් විසින් මහේස්ත්‍රාත්වරියට පෙන්වා ඇති බව සඳහන්.

එසේම වෙඩි තැබීම සිදු කළ ප්‍රදේශය ආශ්‍රිතව තිබුණු ලේ පැල්ලම් පොලිසිය විසින් සෝදා ඉවත් කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.

විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ජ්‍යේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස්පතිවරයා සහ පොලිසිය භාර ඇමතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළ කරුණු අධිකරණය හමුවේ ස්ථිරව ප්‍රකාශ කරගැනීමට නොහැකිව පොලිසිය අපහසුතාවට පත්ව සිටි ආකාරයක් ද දැකගැනීමට හැකිවූ බවත් වාර්තා විය.

මෙම අධිකරණ කටයුත්ත සඳහා විශාල නීතීඥ පිරිසක් ද පැමිණ සිටියහ.

මේ සම්බන්ධයෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා සමාජ මාධ්‍ය තුළ පළ කළ සටහන සහ ඡායාරූප පහතින් දැක්වේ.

May be an image of 5 people, people standing, outdoors and text that says 'M mcr C PXUCE XIC: NCI'
May be an image of 4 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoors
May be an image of 5 people, people standing and outdoors

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...

රනිල් හදපු විරෝධය! (PHOTOS)

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...