විනිමය අනුපාතිකයට වැඩි නම්‍යශීලී බවක් ලබා දීමට අදාළව හිටපු මහ බැංකු අධිපතිවරයාගේ පැහැදිලි කිරීම

Date:

2022 අප්‍රේල් 20 දින අජිත් නිවාඩ් කබ්රාල් විසින් සිදු කරන ලද ප්‍රකාශය

2022 මාර්තු 7 වැනි දින මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට වැඩි නම්‍යශීලී බවක් ලබා දීමට ගත් තීරණයේ පසුබිම පැහැදිලි කිරීම සඳහා මෙම ප්‍රකාශය මවිසින් නිකුත් කරනු ලැබේ.

2022 මාර්තු 7 වැනි දින “වහාම ක්‍රියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලීභාවයක් සහිතව ගණුදෙනු කිරීමට වෙළඳපොළට ඉඩ සැලසනු ලැබේ” යයි  මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලද අතර “විදේශ විනිමය ගනුදෙනු ඒක්සත් ජනපද ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයිද මහ බැංකුව අපේක්ෂා කරයි” යන බවද පවසන ලදී. ඉහත තීරණයට අනුකූලව ඒදිනම මාධ්‍ය වෙත නිවේදනයක්ද නිකුත් කරන ලදී. යොමුව: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20220307_policy_package_to_support_greater_macroeconomic_stability_s.pdf

ඉහත කරුණු අනුව, වෙළෙඳපොළ මාර්ගෝපදේශනයක් ලෙස විදේශ විනිමය ගනුදෙනු සිදු වන්නේ කුමන මට්ටමක යන්න පිළිබඳව මුදල් මණ්ඩලයේ “අපේක්ෂාව” ප්‍රකාශ කරන ලද අතර, ශ්‍රී ලංකා රුපියල නම්‍යශීලීභාවයට ලක් කිරීමට මුදල් මණ්ඩලය පැහැදිළි තීරණයක් ගෙන ඇති බව පැහැදිලිය. 2022 මාර්තු 7 වැනි දිනට පෙර තිබූ ආකාරයට නිශ්චිත විනිමය අනුපාතිකයක් නියම නොකරමින්, මෙම නව විනිමය අනුපාත ප්‍රතිපත්තිය (exchange rate policy) 2022 අප්‍රේල් 8 වැනි දින සිට නව මහබැංකු අධිපතිවරයා සහ නව භාණ්ඩාගාර ලේකම් යටතේ මුදල් මණ්ඩලය දිගටම පවත්වාගෙන යන බව ද පැහැදිලිව පෙනේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...