පාස්කු මංගල්‍යය අදයි!

Date:

රෂිකා හෙන්නායක

පාස්කු මංගල්‍යය අදට (20) යෙදී ඇත.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදයි.. ඒ අනුව ශුද්ධ වූ සතියේ අවසන් දිනය අදයි.ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා කුරුස ගස තුළ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවන් සමරනු ලබයි..

මෙහිදී ජේසුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවන් විවිධ වත් පිළිවෙත් අතර ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වේ. ඒ අනුව ජේසුස් වහන්සේ කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළද අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන් වේ.

කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සදහන් කළේ අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද ඉතා උත්කර්ෂවත් ලෙස සමරන ලබන බවයි.එමෙන්ම පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වුණු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවන් ඊයේ (19) රාත්‍රී දිවයිනේ සෑම දේවස්ථානයකම පැවැත්විය.

විශේෂ දේව මෙහෙයක් ඊයේ රාත්‍රී කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.අද දිනයේ ද  දිවයිනේ  සියලු දේවස්ථානයකම දිව්‍ය පූජාවන් පැවැත්වෙන බවද සදහන් වන අතර රට පුරා ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පැවසේ.

ඒ අනුව අද දිනයේදීත් දේවස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා.ඒ අනුව, මේ සඳහා පොලිස් නිලධාරින්, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් රාජකාරීයේ යෙදීමට කටයුතු කර ඇත්තේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...

Emine Erdogan ගෙන්  Melania Trumpට ලිපියක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ සහ රුසියාවේ...

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගැනත් විමර්ශන ඇරඹේ!

කොළඹ LNW:හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින...