*
Sunday, April 20, 2025
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවට පහසු සහ විශිෂ්ඨ ජයක්

නිශ්මං රණසිංහ අප්‍රේල් 20 කොළඹ LNW :

ජූනි 13 වන දා සිට ජූලි 5 වන දා දක්වා පැවත්වෙන ආසියානු රග්බි සූරතාවලියේදී දකුණු කොරියාව,හොංකොං,එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් සමඟ තරග කිරීම සඳහා පහසුවෙන් ඇතුළත් වීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ආසියාව නියෝජනය කරන ශ්‍රී ලාංකිකයන්ද මුනිවත රකිමින් ආසියානු සභාපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු තරගාවලියද අහිමි කරන්නට ගත් උත්සාහයට එරෙහි වූ ආසියානු ඔලිම්පික් කමිටුවද මේ ජයග්‍රහණය මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.එසේම තව දුරටත් ඊටත් වඩා සූක්ෂම ලෙස තමන්ගේ අණසකට යටත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවේ ස්වාධීනත්වය සහ නිවැරදිභාවය වෙනුවට වංචනික භාවයට ඉඩ ලැබෙන ආකාරයට ව්‍යහුය සකසා ගන්නට ව්‍යවස්ථාවෙන්ම ඉඩ සකසා දෙන්නට දේශපාලනික නායකත්වයද,පරිපාලන මට්ටමෙන් රාජ්‍ය දායකත්වයද ලැබෙමින් තිබෙන මොහොතක මේ ක්‍රීඩකයින් මැලේසියාවට එරෙහි ලද ලකුණු 59 – 19 ක ජය ක්‍රීඩා පිටියේ පවතින ශක්තිය සනාත කිරීමක්ය.

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව මල ක්‍රීඩාවක් බවට පත්වෙමින් තිබෙන බවත්,ඊට පන දිය යුතුව ඇති බවත් අමාත්‍යවරයාගේ ශීර්ෂයට ඇතුළත් කර ව්‍යාජ අදහසකින් යුතුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව එසේ නොවන බව අතින් කාලා ක්‍රීඩාවට දායකත්වය දෙන ක්‍රීඩකයෝ සහ පුහුණුකරුවෝ පෙන්වා දුන්හ.ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ස්ථාන 10 ක් පහතින් සිටින මැලේසියාව පරාජය කිරමේ සම්භාවිතාව තරගයට පෙර සිටම වැඩි වුව ද,එම ජයග්‍රහණය දුෂ්කර එකක් බවට පෙන්වන්නට නිසි බලධාරියා ඇතුළුව විශාල පිරිසක් උත්සාහ කරමින් උන්නේ අමාත්‍යවරයාටද ඒ අදහසම හොඳට දිරවන අයුරින් ගිල්වා ය.(ශ්‍රී ලංකාව 40 වන තැනය.මැලේසියාව 50 වන තැනය.) එහෙත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ශෛලියේ අර්බූදයක් නැති බව මෙහිදී පෙන් වූ අතර තරගයට පෙර මේ ක්‍රීඩකයන් වෙනුවෙන් පරිපාලනයෙන් නිසි රැකවරණයක් සහ සුරක්ෂිතභාවයක් නැති බව හැඟවෙන ප්‍රකාශයක් කළේ මේ ජයග්‍රහණය පිටුපස සිටි ප්‍රධානතම මඟ පෙන්වන්නා වූ සනත් මාර්ටිස් ය.

නිසි ගෙවීමක් හෝ රගර් ක්‍රීඩාවේ වෘත්තිමයභාවයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයාට නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අභිමුව හමුවන මිලයන 55 ක ණය කන්ද සහ ලෝකයෙන් ලැබෙන පවුම් 5000 ක් හැම වසරකම දඩ මුදලක් ලෙස එවකට පරිපාලනයේ සිටි අයගේ වංචනිකභාවය නිසා අහිමි කර ගෙන සිටින ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය යහපත් දිශාවකට හැරවීම වෙනුවෙන් අදාළ සිඳුවීම් පරික්ෂා කර දඬුවම් කළ යුතුය.එහෙත් එම තීරණවලට ක්‍රියාදාමවලට වගකිව යුතු පිරිස් සමඟ ලාංකේය ක්‍රීඩාවේ දේශපාලන නායකත්වය එක පෙළට සිට තරගය විඳින,පාලනයට උපදෙස් ගැනීමේ විහිළු ක්‍රියාත්මක වෙමින් තිබියදී ඒ සියල්ල කණපිට පෙරළා තමන්ට වඩා පහළින් සිටින කණ්ඩායමක් වුව ද,59 – 19 ලෙස පරාජය කිරීම පහසු දෙයක් නොවේය.එහි සම්පූර්ණ ගෞරවය නැවත නැවතත් සනත් මාර්ටිස් ප්‍රමුඛ පුහුණු බල ඇණියටත්,නයිජල් රත්වත්ත ප්‍රමුඛ ක්‍රීඩකයන්ටත් පුද කළ යුතු බව සිහිපත් කරන්නේ ගෞරවයෙන්ය.

මේ තරගයේදී එක් අවස්ථාවක මැලේසියාව ලකුණු 7-5 ක් ලෙස පෙරමුණ රැඳුණා හැරෙන්නට අන් හැම අවස්ථාවකම ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකාවය.ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ආසියානු මට්ටමෙන් ප්‍රධාන කණ්ඩායම් හතර අතර රැඳෙන්නේ ශ්‍රී ලාංකේය ජවයෙන්ම වීමත් මෙහිදී සැළකිල්ල යොමු කළ යුතු වැදගත් කාරණයක්ය.එහි ශ්‍රී ලංකාවේ සිටින හැම ජන වර්ගයකම දක්ෂතා එක් වී හැදෙන අපූරු නියෝජනයක් හැමදාම මෙන් තිබුණේය.වරෙක චීනයට නෑකම් කියන සුළු ජන ප්‍රජාවක් වන ශ්‍රී ලාංකේය චීන නියෝජනයන් ද හැකියාව මත ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ඉහළින්ම වැජඹිණ.ඒ නිසා ජයග්‍රහණයම පමණක් නොවන ජයග්‍රහණයට පදනම් වුණ පොදු බව විනාශ වන්නට ගත්තේනම් ඒ රාජපක්ෂමය ආක්‍රමණය මෙන්ම එම පිරිසට අවශ්‍යය පරිදි ශ්‍රී ලංකාවේ රගර් හසුරුවන්නට උත්සාහ කළ කොඳු බිඳුණු පරිපාලකයන්ගේ හැසිරීම මත බව අපි නැවත නැවතත් කියන්නෙමු.වර්ථමානයේ ඒ පදයට නැටූ අය එම නැටුම නටන්නට ගැසූ පදවලින් වත්මන් ක්‍රීඩා නායකත්වය නටවමින් සිටිනු දැකිය හැකිය.

ජපානය ආසියාවේ රගර් දැවන්තයා ය.ආසියානු සූරතාවලියට ජපානය ඒ නිසා ඇතුළත් වන්නේ නැත.එහෙත් මේ මොහොතේ කුමන පදනමක සිට වුව ආසියානු සභාපතිවරයා තමන්ගේ රටේ කණ්ඩායම (එක්සත් අරාබී එමීර් රාජ්‍යය) ශ්‍රී ලංකාවට පෙර ආසියානු සූරතාවලියට තරග වදින මුල් කණ්ඩායම් හතර අතර රඳවා ඇති බව පැහැදිළිය.

ලංකාවේ පුරවැසියන් සියලු දෙනා ලංකාවේ නීතියට යටත්ය.ලෝකයේ කුමන ක්‍රීඩා පරිපාලනයකට වුව ලංකාවේ අධිකරණ තීරණ ඉක්මවා යන්නට නොහැකිය.එසේම රගර් ඔලිම්පික් ක්‍රීඩාවක් වන නිසා එවැනි බලපෑමකදී ලෝක රගර් හෝ ආසියානු රගර් රටක නීතිය නොසළකා කටයුතු කරමින් යම් බලපෑමක් ඇති කළහොත් ලෝක රගර් සංවිධානය ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගනු ඇත.ඒ විදිහට ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ධජය නැතුව හෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කරන්නට නොදෙන තත්ත්වයක් නිර්මාණය කර තිබියදී ආසියානු ඔලිම්පික් කමිටුව කළ නිවේදනය ශ්‍රී ලංකාවේ නිසි බලධාරියාට මතක තිබෙන බව අපි විශ්වාස කරන්නෙමු.ඒ නිවේදනය ලද සැනින් යළි තරග කාල සටහන වෙනස් කර ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දොර හැර දුන්න ද,ඒ වන විට හිටපු ඇමතිවරු,පරිපාලකවරු රගර් ක්‍රීඩකයන්ට පුහුණු විය හැකි පරිසරයක් සකසා නොතිබුණ නිසා පදක්කමකට යා හැකිව තිබූ රගර් පහතට වැටුණු බව ද සිහිපත් කළ යුතුය.පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදි ඉහළ දස්කම් අතර සිටි ශ්‍රී ලංකාව ආසියානු පදක්කමක් වෙනුවෙන් සූදානම් කරන්නට සකස් කළ තිබූ වැඩ සටහන සම්පූර්ණයෙන්ම හකුළා ගන්නට වන තැනට පත් කළේ ඒ මොහොතේ සිටි දේශපාලන නායකත්වය ආසියානු රගර් සම්මේලනයේ බලපෑමය.

ඊයේ ජය සමරන විට ආසියානු සභාපතිවරයා ඔවුන්ට හෝ ලෝක සම්මේලනයට ලංකාවේ නීතිය ගනු ලබන තීරණ අදාළ නැති බව පවසා ඇත.සාද කතා බස් අතරේ මෙවැනි රටේ නිතියට අපහාසවන කතා කියන්නට ඔවුන්ට ශක්තිය දෙන්නේ ලංකාවේ බලධාරීන්ගේ හැසිරීමය.අධිකරණයේ වූ එකඟතා බිඳ නිලවරණය නවත්වන බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දන්වා සිටින්නේ ආසියානු සභාපතිගේ ලිපියකටය.අධිකරණයෙන් අවසරයක් නැතුව ආසියානු සභාපතිගේ ලිපියකට අනුව අධිකරණයේ වූ එකඟතා බිඳ දමන ලංකාවේ පුරවැසියෙක් අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස සිටියදී ආසියානු රගර් බලධාරීන්ට සහ ලෝක රග්බි බලධාරීන්ට වංචනික තත්ත්වය නොසළකා හැරීම නිසා ජාත්‍යන්තර වශයෙන් වගකීම් ගන්නට හැකි වූ ලාංකිකයන්ගේ උවමනාව ඉටු කර දීම අපහසු නැත.

ආසියානු සභාපතිවරයාට ලංකාව සමඟ තිබෙන නෝක්කාඩුව ඇත්තේ මේ සියල්ලට පෙර සිටය.නිලවරණයට පෙර ඔහු ශ්‍රී ලංකාවට මුදල් ප්‍රදානයක් ද කර තිබියදී ඔහුට වූ පොරොන්දුව නොසළකා හරිමින් එවකට ශ්‍රී ලංකාවේ සභාපතිව සිටි ලසිත ගුණරත්න නිලවරණයේදී ඡන්දය භාවිතා කරේ ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ අපේක්ෂකයාටය.ඒ නිසා ලංකාවේ රගර්වලට වද්දා නොගත යුතු මට්ටමට විශ්වාසය කඩ කළ පිරිස් ආසියානු සභාපතිගේ ආශිර්වාදය ඇතිව එවකට ක්‍රීඩා ඇමති නාමල් ද එක් කරගෙන නාමල්ගේ සහ ආසියානු රග්බි සභාපතිගේ හිතවතා නැවත පවුම් 50000 සිඳුවීම නොතකා ශ්‍රී ලංකාවේ රග්බිවල පාලනයට ඇතුළත් කරන්නට උත්සාහ දැරීමෙන් ව්‍යාකූල තත්ත්වයට පත් වූ මෙම සිඳුවීම මේ මොහෙතෙන් අල්ලා ගෙන කියවා ගන්නට නොහැකිය.ඒ මොහොතේ ලංකාවේ රගර්වල ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ අරගල කළ පිරිස් දුෂ්ඨයන් වී ශ්‍රී ලංකාවේ රගර්වලට වින කැටපු අය වීරයන් වීම වත්මන් දේශපාලනය යටතේද ආරක්ෂා වීම පුදුම සහගතය.

දැන් තරගය පහසුවෙන් ජයගෙන අවසන්ය.ශ්‍රී ලංකාවට වඩා පහළින් රගර් ක්‍රියාත්මක රටක් වුව ද යළිත් කියන්නේ ඒ ජය අති විශිෂ්ඨ එකක් බවය.එහි කැපී පෙණුනම දායකත්වය දැක් වූ ක්‍රීඩකයා ලෙස ඇගයීමට පත් වී තරගයේ වීරයා වූයේ ඩිනාල් ඒකනායකය.ඒත් තරගයට පහසුව ශ්‍රී ලංකාවේ රගර් පරාජය කරන්නට උත්සාහ කරන අශුද්ධ කණ්ඩායම තබන්න හදන ට්‍රයි එක අනීතික බව ඔවුන් වැරදිකරුවන් බව තීරණය කරන්නට තරග තීරකයන් සේ සිටින නිසි බලධාරියා මෙන්ම අමාත්‍යවරයාද දක්වන මන්දෝත්සාහී බව සහ එවැනි අයට හුරේ දැමීම භායනක පරාජිත අනාගතයකට අත වැනීමක්ය.

මේ ජයග්‍රහණයේදි තවත් වැදගත් දෙයක් සිඳු විය.ලංකාවේ පොළවේ සිටින රගර් දක්ෂයන් නිවැරදිව මෙහෙයවීම පසෙකලා විදේශවලින් ආයෝජනය කර අනීතික ලෙස රටට ක්‍රීඩා කරවපු ක්‍රීඩකයන් නිසා ශ්‍රී ලංකා රගර් මත ඇති කළ කළු පැල්ලම සදාකාලීකව ඉවත් නොවී පවතිනු ඇත.එසේ නොකර ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයන්ට නිවැරදි මඟ පෙන්වීමක් දිය හැකිනම් විශාල රගර් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එක් වී, කණ්ඩායමක් ලෙස බැඳුණ ලංකාවේ රගර් ක්‍රීඩකයන් නවතන්නට බැරි බව ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩකයින් බේබිලා වෙනුවෙන් රට අපකීර්තියට පත් කරන්නට මං පෙත් සැකසූ පිරිස ඉදිරියේ තියාගෙන ඔප්පු කර පෙන්නුවේය.මැලේසියාව ද වෙනත් රටවල ක්‍රීඩකයන කැඳවා සිය රටේ පුරවැසිබාවය ලබා දී මේ තරගයට ඇතුළත් කර තිබුණද ඔවුන්ට ඩිනාල් ලා,නයිජල් ලා,රන්ජන්ලා,කරුණාතිලකලා,දොරේලා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩක සමූහය ඔප්පු කර පෙන්වීය.
මේ සියල්ල ගැන විශ්වාසයෙන් තුරග තරග පිටිය එකම හිස් ගොඩක් කළ රග්බි ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව සහ ආදරය රට දසත බෙදෙන පැතිරෙන දවසක උදාවට රග්බි බලය තව තවත් විසිරෙන ආකාරයේ බලය සුරැකේවා ජයවේවා යන්න අපේ පැතුමය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan