අයේෂාගේ සහ නිදුකිගේ නොබිඳුණු කොඳුවලට ගෞරවය

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 20 කොළඹ LNW :

අවුරුදු 18 න් පහළ ආසියානු තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිදුකි ප්‍රාර්ථනාට සහ අයේෂා සෙව්වන්දිට මීටර් 1500 ඉසව්ව අහිමි වීම සම්බන්ධයෙන් ක්‍රීඩිකාවන් දෙදෙනා වෙනුවෙන් අයේෂා සෙව්වන්දි මාධ්‍යයට කළ ප්‍රකාශය මෙන්ම කණ්ඩායම් කළමණාකරු කළ ප්‍රකාශය අනුව එම ක්‍රීඩිකාවන් දෙදෙනාට වරදක් සිඳු වී තිබෙන බව පැහැදිළිය.

එහි පළමු වරද වන්නේ කණ්ඩායම් කළමණාකාරීත්වයට සම්බන්ධ පිරිස මේ ඉසව්ව පවතින වෙලාව දැන සිට නැත.ඉතාම පැහැදිළිව එය එම ක්‍රීඩා උළෙලට අදාළ වෙබ් අඩවියේද දක්වා ඇත.ඒ නිසා අත්දැකීම් අඩු වුව,ඔවුන් තොරතුරු ඕනෑම කෙනෙකුට දැන ගත හැකි පරිදි ප්‍රසිද්ධ කර තිබිණ.මේ සටහන සමඟ එම ඉසව්ව සඳහා ආරම්භක මධ්‍යස්ථානය වෙත කැඳවීම් කරන ආකාරය අනු පිළිවෙලින් දක්වා ඇත.

එහි ඉතාම පැහැදිළිව පළමු 18.10 ට පළමු තැන ද,18.15 ට දෙවන තැන ද සිටිය යුතු බව දන්වා ඇත.එහෙත් අයේෂා ඇඟ උණුසුම් කරන ව්‍යායාම කර එහි පැමිණ ඇත්තේ 18.25 ට ය.මේ දැනුවත් කිරීම් සමඟ ක්‍රීඩිකාවන් ක්‍රියාත්මක වි ඇති අතර ඔවුන්ගේ වරදක් නැත.එසේම කෙතරම් ආධුනික වුවත් සවුදි අරාබි සංවිධායකයන්ගේ ද වරදක් වී නැති බව පැහැදිළිය.

එය සමහර විට සිඳුවන්නට ඇත්තේ කාන්තා මීටර් 1500 ඉසව්වට පෙර පැවති මීටර් 400 අවසාන පූර්ව තරග දෙස මේ ක්‍රීඩිකාවන් භාරව සිටි නිලධාරින්ගේ අවධානය යොමු වීමෙන් ද යන්න සොයා බැලීම වටින්නේය.මෙම කාරණා දෙකම ඉටු කර ගැනීමට හැකි වේය සිතා 5.55 ට ඇරඹි මීටර් 400 අවසාන පූර්ව තරග දෙක නිමා වී 6.15 ට පමණ ක්‍රීඩිකාවන් යොමු කිරිමට සිතා සිටියා විය නොහැකිද? 6.25 ප්‍රමාණවත් වේ ය සහ ව්‍යවහාරික භාෂාවෙන් ගත් විට ෂේප් එකක් දමා ගත හැකිය හෝ ගේම් එකක් ගසා ගත හැකිය යනුවෙන් සිතා කරන ලද වැඩක් වන්නට ද ඉඩ ඇත.

කෙසේ වුව අයේෂාට මෙහිදී ස්තූතිවන්ත විය යුතුය.ලංකාවේ කණිෂ්ඨ රිටි පැනීමේ සූරයෙකු අනුන්ගේ රිටකින් පැන පදක්කමක් දිනා ගෙන ඒමේ දී,ඔහුගේ රිට ගෙන යාමට නොදීම ගැන කතා කළ සහ විවේචනය කළ මාධ්‍යය නිරුත්තර කරමින් ක්‍රීඩකයා ගුවන් තොටුපළේ දී පැවසුවේ එය බාධාවක් නොවුණ බවය.පැනපු රිට හොඳ බවය.එහෙත් අයේඹා එසේ සිය කොන්ද නිලධාරීන්ට කඩන්නට ඉඩ දි නොතිබිණ.සැළසුම් සියල්ල නිරුත්තර කරමින් ඇය මාධ්‍යයට නිලධාරීන් විසින් කරන ලද කතා සියල්ල පසෙකට කර වේලාවන් ගැන නිවැරදිව කළ සටහන අගය කළ යුතුය.ඇය කොන්දක් ඇති ක්‍රීඩිකාවක් බව පෙන්වීය.ඒ සියල්ල වෙනුවෙන් ඇය සමඟ කතාවට වැඩි හපන්කම් නැති නිදුකි ද උන්නාය.ඒ සම්බන්ධයෙන් අයේෂාට සහ නිදුකිට ගෞරව කළ යුතුය.අගය කළ යුතුය.
දැන් ඉතිං පරීක්ෂණය අමාරු නැත.එය ස්වාධීනව විය යුතුය.බොහෝ විට ක්‍රීඩා අමාත්‍යංශය මේ කාරණයේදී මැදිහත්ව කටයුතු කළ යුතුය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තදින් පහර දෙන හැටි බලන්න ඈෂ්ලිත් පැමිණෙයි.

සටහන – නිශ්මං රණසිංහ  ජූලි 31, කොළඹ LNW: ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාවේ...

චොකා මල්ලී මරණ දඬුවමෙන් නිදහස් කළ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලන පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර !

සටහන - රුවන් නෙළුගොල්ල 2015 ජනාධිපතිවරණය ආසන්නයේදී කහවත්තේ පැවති ජනාධිපති...

එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : බරපතළ වැඩ සහිත...

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කපන පනත් කෙටුම්පත ගැසට් කරයි

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කර...