අධික උෂ්ණත්වයෙන් දරුවන් රැකගන්න

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ දිනවල පවතින අධික උෂ්ණාධික තත්ත්වයෙන් දරුවන්ට සිදුවන අහිතකර බලපෑමෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. වැඩිපුර දියර භාවිතය මගින් උෂ්ණාධික කාලගුණයෙන් ඇති වන සංකූලතා අවම කර ගත හැකි බවත් , මේ දිනවල චර්ම රෝගවල වැඩිවීමක් දක්නට ලැබෙන අතර , කුඩාම දරුවන් වුවත් දිනකට දෙසැරයක් නෑවිම සුදුසු බවත් පැවසීය .

ඒ පිළිබඳ විස්තර කරන වෛද්‍යවරයා,

“රෝග ලක්ෂණ විදියට මහන්සිය, නිදිමත ගතිය, ඇඟපත රිදෙන එක, සමහර අයට වමනය යන්න එනවා ඒ වගේ රෝග ලක්ෂණ කිහිපයක් ඇති වෙනවා. ඊට අමතරව දරුවන් සහ අපි වැඩිපුර ජලය සහ ලවණ ගත්තේ නැත්නම් වැඩිපුර දාඩිය දැමීම නිසා තාප කම්පන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් අපිට වළක්වා ගන්න පුළුවන් වැඩිපුර දියර ආහාර ගන්න. ස්වභාවික දියර තමා අපි කියන්නේ, ඒ කියන්නේ ජලය සමග ලවණ තියෙන. ස්වභාවික පලතුරු යුෂ, දෙහි, දොඩම්, නාරං, දෙළුම් වැනි දේවල්, තැඹිලි වතුර, කුරුම්බා වතුර හා ජීවනි වගේ පානයන් අපිට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ සමේ රෝගත් වැඩිවෙන්න පුළුවන්. විශේෂයෙන්ම දාඩිය බිබිලි අපේ දරුවෝ අතර වැඩිවෙලා. දද වගේ දේවල්වලත් වැඩිවීමක් තියෙනවා. ඒ නිසා දරුවන්ට විනාඩි 20ක් විතර වතුරේ ඉන්න දෙන්න. පුංචිම දරුවෙක් වුණත් දවසට දෙසැරයක් නාන්න. ඒ තුළින් හමේ ඇති වෙන සංකූලතා අවම කරගන්න පුළුවන්.”

මේ අතර අද (20) දිනයේද දිස්ත්‍රික්ක 11ක් හැරුණු විට සෙසු සියලුම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර , නැගෙනහිර, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට එම අවදානම් උෂ්ණාධික කාලගුණ තත්ත්වය පවතින බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...