රඹුක්කන වෙඩිතැබීම ගැන විමර්ශනයට විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු මණ්ඩලයක්

0
677

රඹුක්කන පොලිස් වෙඩිතැබීම පිළිබඳ සිද්ධියට අදාළව පොලිසිය කටයුතු කරන ආකාරය සොයාබැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා විසින් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

ඒ අනුව,

ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ටී. කොඩිකාර මහතා
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. එස්. පී. සූරියප්පෙරුම මහත්මිය
ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක, විශ්‍රාමික මේජර් ජනරාල් ඊ. එස්. ජයසිංහ මහතා

යන අයගෙන් මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය සමන්විත වේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here