එක්කෙනෙක් මැරුණාට මං අස්වෙන්නෑ. ඒ ක්‍රියාදාමය නොකළා නම් තුන් හාරසීයක් මැරිලා – ප්‍රසන්න (VIDEO)

Date:

ප්‍රසන්න රණතුංග මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්වී පැය 48ක් තුළ පොලිසිය අතින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව ඇති බැවින් ඒ මහතා අදාළ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්කියන් මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මහතා ඊට පිළිතුරු දෙමින්

“ගරු කථානායකතුමනි, එතුමා කිව්වා එක්කෙනෙක් මැරුණා, මම ඉල්ලලා අස්වෙන්න ඕනෙ කියලා. හැබැයි මම කියනවා ඒ ක්‍රියාදාමය නොගත්තා නම් මෙලහට තුන් හාරසීයක් මැරිලා. මීට වඩා භයානක තත්වයකට යනවා අර මේක ගිනිතිබ්බා නම්. ඔබතුමන්ලා ඒ කාරණාව දැනුවත් කරන්න ඕනේ” යැයි ප්‍රකාශ කළේය.

එහිදී ඊට ප්‍රතිචාර දක්වමින් රාසමානික්කම් ශානක්කියන් මහතා පැවසුවේ “ආණ්ඩු පක්ෂයේ හිටපු සංවිධායකතුමාටයි දැන් ඉන්න සංවිධායකතුමාටයි අතරේ වෙනසක් නෑ. එතුමා එදා කිව්වා කපුටෙක් මරලා එල්ලුවා නම් ගොඩ කියලා. අද මෙතුමා කියනවා එක්කෙනෙක් මරපු නිසා තමයි බේරුණේ කියලා. මේ දෙකම එකයි” යනුවෙනි.

ප්‍රසන්න රණතුංග මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ “ගරු කථානායකතුමනි, මම එහෙම ප්‍රකාශයක් කළේ නෑ. මම කිව්වෙ මේක ඒ ක්‍රමවේදය පොලිසිය අනුගමනය නොකළා නම් මීට වඩා මැරෙනවා. එහෙම වුණා නම් මෙතුමන්ලා මගෙන් අහන්නෙ තුන්සීයක් මැරෙනකල් මොකද බලන් හිටියෙ කියලා. ඔබතුමන්ලා දිව හැරෙන හැරෙන අතට කතා කළාට රජයක් හැටියට අපි වගකීමෙන් කටයුතු කරන්නෙ” යනුවෙනි.

රාසමානික්කම් මහතා එහිදී “ලංකාවේ ජනතාව මෙතුමා කියපු කතාව අහගෙන හිටියෙ. ඒ ජනතාවට මට වඩා හොඳට සිංහල තේරෙනවා. ලංකාවේ ජනතා තීරණය කරපුදෙන් මෙතුමා කියපු දේ” යැයි පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesday: Pasta ඩිෂ් එකක් හොය හොය හිටිය අයට! Creamy Garlic Parmesan Pasta!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

නූතනත්වය අසමත්වන තැන ඉතිහාසය…

මට උනත් බැලූ බැල්මට කිසිම අදහසක් ගන්න බැහැ දැන්...