මහින්ද ඉවත් කරන්නැයි තවත් 13 කගෙන් ජනපතිට ලිපියක්. ආණ්ඩුව 103ට වැටෙන ලකුණු

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු සමග කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම නව අග්‍රාමාත්‍යවරයෙකුත් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලයකුත් පත්කර අන්තර්කාලීන භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මෙම ඉල්ලීම ඉටු නොකරන්නේ නම් තමන් ද හෘදසාක්ෂියට එකඟව තීන්දුවක් ගැනීමට සිදුවන බවත් අදාළ පසුපෙළ මන්ත්‍රීවරුන් 13 දෙනා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

මෙම මන්ත්‍රීවරුන් 13 දෙනාත් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ ඇති ආසන සංඛ්‍යාව 103ක් දක්වා පහළ වැටෙනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...