මහින්ද ඉවත් කරන්නැයි තවත් 13 කගෙන් ජනපතිට ලිපියක්. ආණ්ඩුව 103ට වැටෙන ලකුණු

Date:

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අග්‍රාමාත්‍යවරයෙකු සමග කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි ඉල්ලා ආණ්ඩු පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් භාරදී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ම නව අග්‍රාමාත්‍යවරයෙකුත් පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලයකුත් පත්කර අන්තර්කාලීන භාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මෙම ඉල්ලීම ඉටු නොකරන්නේ නම් තමන් ද හෘදසාක්ෂියට එකඟව තීන්දුවක් ගැනීමට සිදුවන බවත් අදාළ පසුපෙළ මන්ත්‍රීවරුන් 13 දෙනා සිය ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව සඳහන්.

මෙම මන්ත්‍රීවරුන් 13 දෙනාත් ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ ඇති ආසන සංඛ්‍යාව 103ක් දක්වා පහළ වැටෙනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...