බෙහෙත් හිඟයි. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත් නොවෙන විදියට ඉන්න – නි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

Date:

රටේ පවතින ඖෂධ හිඟය හමුවේ ජනතාව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත්නොවෙන පරිදි ප්‍රවේශමින් කටයුතු කිරීම වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

“මම හිතනවා මේකට වෙන වෙනම කාරණා ඉදිරිපත් කිරීම ප්‍රායෝගිකව කියන්න බෑ. නමුත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්වයට පත්නොවන විදියට කටයුතු කිරීමත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වියහැකි තත්වයන්ට පත්වීමට ඉඩ ඇති අවස්ථාවන්ට මුහුණ දීමෙන් වැළකී සිටිනවා නම් මගෙ හිතේ මේ මොහොතේ අපට කරන්න පුළුවන් ඉතාමත්ම ඥානාන්විත ක්‍රියාවලිය ඒක තමා. මේක වෙන වෙනම කියන්න හම්බුවෙන්නෙ නෑ. නමුත් අපි දන්නවා ඒක හරහා එක පැත්තකින් එවැනි දේකින් ආරක්ෂා වීම හරහා අපි ආරක්ෂා වෙනවා, ඒ වගේම නොවැළැක්විය හැකි හේතුවක් මත කෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා වැය කළයුතු ඖෂධ සහ අනෙකුත් දේවල් ඉතිරි කරගැනීමටත් අපට පුළුවන් වෙනවා. ඒ සියල්ලම සලකා බලලා මේ අවස්ථාවේ ඉතාමත්ම ප්‍රවේශමින් කටයුතු කිරීම සියලු දෙනාගේම යහපතට හේතුවෙයි”

වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් ඖෂධ හිඟය සම්බන්ධව අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...

ශ්‍රී ලංකාවේ පළමු ප්ලාස්ටික් පරීක්ෂණාගාරය විවෘත වේ….

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : GP Certified විසින්...