ඉවත් වන්නැයි බලකරද්දීත් මහින්දගේ නායකත්වයෙන්ම ආණ්ඩුව ඉදිරියට යාමේ තීන්දුවක්!

Date:

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත වී තිබේ.

අද (21) පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ දී එම ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස් වී තිබුණි.

මෙම යෝජනාව කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා විසිනි.

එම යෝජනාවට සියලූම මන්ත්‍රීවරුන් ඉහළට අත් ඔසවමින් ඒකමතිකව සහය පළ කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී U.K .සුමිත් මහතා එම යෝජනාව ස්ථිර කර ඇත.

මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් එම ක්‍රියාමර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ජා කර ඇත.

විදුලි කප්පාදුව මෙන්ම ගෑස් ප්‍රශ්නයටද ඉදිරි සති කිහිපය තුළ විසඳුම් දෙන බව එම විෂය භාර අමාත්‍යවරු පෙන්වා දී තිබේ.

ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් යම් පිරිස් කටයුතු කරගෙන යන නමුත් ආණ්ඩුව අස්ථාවර වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත් ඉඩ නොතබන බවයි මෙහිදී මන්ත්‍රීවරු අගමැතිවරයාට පවසා ඇත්තේ.

මෙම රැස්වීමට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම සහභාගී වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...