ට්‍රම්ප්ගේ බද්ද ගැන සාකච්ඡා කරලා ඒ බද්ද නවත්වාගන්න අපේ නියෝජ්‍ය ඇමතිවරයෙක් ඇමරිකාවට යැව්වා – ජනපති අනුර

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති නව තීරුබදු පිළිබඳව සාකච්ඡා කර එම බදු පැනවීම වළක්වා ගැනීම සඳහා මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් මේ වනවිටත් ඇමරිකාවට යවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ට්‍රම්ප්, එක්සත් ජනපදය බද්දක් ගහපු හැටියේ කට්ටියක් ප්‍රීතියෙන් පිනා ගියා. මාස තුනක් කල්දැම්මා, කන් කඩා වැටුණා. එහෙම ඉන්නේ. ඒ කියන්නෙ මොකක් හරි වෙලා මේකට අනතුරක් වෙනවා නම් කියලා ප්‍රාර්ථනා කරමින් ඉන්නෙ. මතක තියාගන්න, බාධා එනවා. ලෝකේ අපට ඕනෙ විදියටම හසුරුවන්න බෑ. අපි පොඩි රාජ්‍යයක්. අපි උත්සාහ කරනවා, මොකක්ද ? ඒක අවම ආකාරයෙන් විසඳා ගැනීම සඳහා අපි උත්සාහ කරනවා. මේ වනවිටත් එක්සත් ජනපදයට අපේ මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා ඒ පිළිබඳ සාකච්ඡා කරන්න. අපි උත්සාහ කරන්නෙ මොකක්ද ? එවැනි බදු පැනවීමක් වළක්වා ගැනීම සඳහා උත්සාහ කරනවා. ඒ වගේම උත්සාහ කරනවා කුමක්ද ? ලෝකෙ කුමන ආකාරයේ සුළියක් හැමුවත් ලෝකෙ කුමන ආකාරයේ ගැටුමක් නිර්මාණය වුණත් නොසැලෙන වර්ගයේ ආර්ථිකයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 20) දඹුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...