සෑම මිනිත්තු තුනකට වරක් ඉන්දියාවේ මරණයක්: දිනකට මරණ 474 ක්

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ සෑම මිනිත්තු තුනකට වරක්ම මාර්ග අනතරු හේතුවෙන් මරණයක් වාර්තා වන බව අධ්‍යනයකින් සොයා ගැනේ.

ඒ අනුව, දෛනිකව සිදුවන ඛේදවාචකය විශාල අර්බුදයක් කරා ගම කර ඇති අතර 2023 වර්ෂයේ පමණක් ඉන්දියානු මාර්ගවල 172,000 කට වැඩි පිරිසකට ජීවිත අහිමි තිබේ. එනම් සාමාන්‍යයෙන් දිනකට මරණ 474 ක් හෝ සෑම මිනිත්තු තුනකට වරක් එක් අයෙකු පමණ මිය ගොස් තිබේ.

2024 වර්ෂයෙන් නිල සංඛ්‍යා දත්ත මෙතෙක් අනාවරණය නොවුනද පසුගිය දෙසැම්බර් මාසයේ මාර්ග ආරක්ෂණ උත්සවයකදී මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය නිතින් ගඩ්කාරි සඳහන් කර තිබුණේ, එම වසරේ මියගිය අය අතර ළමුන් 10,000ක් වන බවත්, පාසල් සහ විද්‍යාල අසල අනතුරු වලින් තවත් මරණ 10,000ක් වාර්තා වී ඇති බවත්, පදිකයින් 35,000 ක්, හිස්වැසුම් පැළඳ නොගැනීම නිසා පුද්ගලයින් 54,000 ක් සහ ආසන පටි පැළඳ නොගැනීමෙන් 16,000 ක් මෙලෙස මියගොස් ඇත.

මෙම බොහෝ අනතුරු වලට හේතු වී ඇත්තේ අධික වේගය බවයි අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ,

මාර්ග අනතුරු හේතුවෙන් ඉන්දියාවට එහි වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% ක් අහිමි වන අතර ඉන්දියාවේ මාර්ග ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත මාර්ග අතර පවතී. විශේෂඥයින් පවසන්නේ මෙය යටිතල පහසුකම්වල පමණක් නොව, මිනිස් හැසිරීම් සහ පද්ධතිමය නොසලකා හැරීම ද හේතුවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...